ආහාර අර්බුදයට මුහුණ දෙන්න ගෙවතු වගා සංකල්පය යථාර්ථයක් කර ගන්න | දිනමිණ


 

ආහාර අර්බුදයට මුහුණ දෙන්න ගෙවතු වගා සංකල්පය යථාර්ථයක් කර ගන්න

ඇදිරි නීතිය තිබුනත් ගෙදර ඉදගෙන පවුලේ සියලු දෙනා එක්වුනොත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ගෙවතු වගා ක්‍රමය සාර්ථක කර දෙන්න පුළුවන්.නාච්චාදූව හිදෝගම පාවක්කුලම ගොවි මහතකු පුංචි ගෙවත්තක් සාදා ගන්නා හැටි අපට කීවේ මෙසේයි.

අඩි තුනක බිම් ප්‍රමාණයක එළවළු වර්ග 20 ක් හදා ගන්න පුළුවන්.අවශ්‍ය කරන දේ පොහොර හිස් උර දෙකක් , උස අඩි 6 පමණ හොද ශක්තිමත් බටයක් හෝ ලීයක්,කාබනික පොහොර කිලෝ ග්රෑම් දහයක්,පස් ටිකක්,පොල් ලෙළි කපාපු කෑළි තාච්චි තුනක් , වියලි ගොම තිබේ නම් ගොම තාච්චි තුනක් , මුලින්ම ඉහත සදහන් ද්‍රව්‍ය ටික හොදින් කවලම් කර ගන්න. මේ සාදා ගන්නා පොහොර ටික මාස හයකට ප්‍රමාණවත්ය. ඉන් පසු අඩි 6 දිග බටය හෝ ලීය අඩියක් යට වනසේ යට කර හොදින් ශක්තිමත්ව බිම හිටවා ගන්න.හිස් පොහොර උර දෙක මහපු පැත්ත ලිහා ගන්න. අපි හිටවා ගත් බටය මැදට හිටින සේ හිස් උර දෙක බස්සන්න.ඊළගට එම උරවලට සාදා ගත් පොහොර මිශ්‍රණය දමන්න.හොදට පුරවා ගත් උර වටේට ඉතා කුඩා සිදුරක් සාදා ඇගිල්ලෙන් කුඩා සිදුර ඇතුලත තමන් කැමති වැල් යන ඕනෑම එළවළු වක් සිටවා ගන්න.මේ තුලින් පැළ වී එළියට එන එළවළු පැළ වලට ආධාරකයක් ලෙස ලනු හෝ රෙදි පටි ආධාරයෙන් ගුවන පාව්ච්චි කර යවන්න.මේ වගා කුළුණ තුල එළවළු වර්ග 20 ක් පමණ සාදා ගත හැක.

ඉහත අප සාදා ගත් පොහොර මිශ්‍රණයම සාදා ගෙන තමන් කැමති පරිදි හිස් කිලෝ ග්‍රරෑම් දහයේ උරවලට දමා පැළ සිටවා ගැනීමටද පුළුවන්.සෑම නිවසකම ගෙදර හැමෝම එකතු වුනාම තමන් කැමති එළවළු වර්ග 20 ක් ,පළා කොළ වර්ග 05 ක්,අල වර්ග 05 ක් සාදා ගැනීමට හැක.මෙම උර වල ගෝවා ,කැරට්,බීට්,මාළු මිරිස්,අමු මිරිස්, කොත්තමල්ලි,සුදුරු,උළුහාල්,සුදුළුනු,වගා කර ගන්න. සුදුළුනු ගෙඩියක් ගෙන පැය විසිහතරක් ජලයේ තබන්න.එවිට සුදු ළුනු ගෙඩිය මුල් ඇදිම සිදු වනවා. ඉන් පසු තමන් සාදා ගත් පෝච්චියේ සිටවා ගන්න. ඔබ ආහාර පිසින විට සුදු ළුනු කොළ යොදාගන්න. කොත්මල්ලි ඇට ටිකක් ගෙන කුඩා බෝතලයක් මගින් පියලි කර සිටුවා ගන්න. මේ ක්‍රමයට වගා කරන විට ඔබ සැමවිටම ඉදිරිය ගැන සිතා නිතරම බීජ තවාන් දමා ගන්නවා ඇත. ගොම තිබේ නම් විටින් විට එකතු කර ගන්න.

කෘමි හානි වලට මේ අත් බෙහෙත සාදා ගන්න. අවශ්‍ය දේ (කොහොඹ ඇට ග්රෑම් 500,අමු ගොම කිලෝ දෙකක්,ඇල්බීසියා කොළ කිලෝ ග්රෑම් 05 ක්)

කොහොඹ ඇට හෝ කොළ ,අමු ගොම ටිකක්,ඇල්බීසියා(මකුලත) කොළ

කොහොඹ ඇට අහුරක් ගෙන බ්ලෙන්ඩර් කර ගන්න .ඒ කුඩු ටිකට අමු ගොම ,ඇල්බිසියා කොළ දමා ඒ තුලට ජලය ලීටර් 5 ක් දමා වසා තබන්න.දින දහයකට පසුව මෙම මිශ්‍රණය පෙරා බෝතල් වලට පුරවා ගන්න.පෙරා ගත් මිශ්‍රණයෙන් තමන් ගන්නා ප්‍රමාණය මෙන් හතරගුණයක් ජලය දමා කවලම් කර පැළ වලට ඉසින්න. උදාහරණයක් ලෙස කීවොත් අඩු කෝප්පයක් මිශ්‍රණය ගත්තාම ජලය අඩු කෝප්ප හතරක් දමා කවලම් කර ගන්න.

ඔබට කුණු ප්‍රශ්ණයක් නම් ඇල්බීසියා කෝටු 100 ක් ගෙන ජීව කොටුවක් සාදා ඒ තුලට ඔබගේ මුළුතැන්ගේ සහ වත්ත පිටිය අතුගාන කොළ රොඩු ඒ තුලට දිනපතා දමන්න. දෙහි ලෙළි,අන්නාසි ලෙළි,පත්තර පිටු,කැඩුනු වීදුරු හැර මුළුතැන්ගේ ඉවත ලන ඕනෑම දෙයක් මේ තුලට දමන්න. ඉදුල් බත් ඉතිරි වන ඒවාද මේ තුලට දමන විට මිදුල අතුගා ගත් කොළ රොඩු ඊට උඩින් දමන්න. දුගද හමන්නේ නැත .මාස හයකට පසු යටින් හැදෙන කාබනික පොහොර ටික ගෙන පැළ වලට දමා ගන්න. තමන්ගේ නාන කාමරයෙන් පිටතට යන ජලය වළකට එනවිදියට සකස්කර ඒ වළ තුල කොහිළ ටිකක් වවා ගන්න. ඔබට අවශ්‍ය එළවළු ටික හදා ගන්න ඉඩ පිලිබදව අනවශ්‍ය විදියට බිය වන්න එපා. ඔබ සහ පවුලේ උදවිය නාන විට අපතේ යන ජල ප්‍රමාණය ගැන ඔබ සිතන්න.

මොනතරම් ජල ප්‍රමාණයක් අපතේ යනවාද කියා. ඉන් ප්‍ර යෝජන ගන්න. ඔබට යම් ප්‍රශ්ණයක් නම් වහාම පැය විසිහතර පුරාම මේ දුරකථන අංකයට අමතන්න. නොමිළයේ අපි ඔබට උපදෙස් ලබා දීමට බැදී සිටිනවා.අගමැතිතුමා සහ බැසිල් රාජපක්ෂ මහතා මේ ගෙවතු සෑදීම පිළිබදව දැඩි උනන්දුවක් දක්වා සෑමනිවසකටම එළවළු බීජ පැකට් ලබා දීම ඉතා ඉක්මණින්ම කළ යුතුයි. අප ශ්‍රී ලංකාවට ලෝකයට ඉදිරි කාලයේදී ලොකු ආහාර අහේනියක් එන්න පුවවන්. එයට මුහුණ දිමට නම් ලංකාවේ සෑම නිවසක්ම මුල් කරගෙන ගෙවතු වගා ක්‍රමය වහාම ආරම්භ කල යුතුයි.

ඡායාරූප සහ සටහන
චිත්‍රාරත්න කළුආරච්චි
හිදෝගම සමූහ

නව අදහස දක්වන්න