නාවිකයන්ගෙන් මිහින්තලයට හා ඔයාමඩුවට නිරෝධායන මධ්‍යස්ථාන 2ක් | දිනමිණ


 

නාවිකයන්ගෙන් මිහින්තලයට හා ඔයාමඩුවට නිරෝධායන මධ්‍යස්ථාන 2ක්

රක්ෂණ ශ්‍රියන්ත

ශ්‍රී ලංකා නාවික හමුදාව මිහින්තලය සහ ඔයාමඩුව යන ප්‍රදේශයන් හි තවත් නිරෝධායන මධ්‍යස්ථාන දෙකක් ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබේ.

නව කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්ත වීම පාලනය කිරීමට රජය විසින් ක්‍රියාත්මක යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙමින් සිටින ශ්‍රී ලංකා නාවික හමුදාව පසුගියදා (29) මිහින්තලය සහ ඔයාමඩුව ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා නාවික හමුදා නිවාඩු නිකේතන මෙසේ නිරෝධායන මධ්‍යස්ථාන දෙකක් ලෙස ස්ථාපිත කිරීමට කටයුතු කළේය.

නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ උපදෙස් මත මෙම කටයුතු සිදු කර ඇති අතර ඒ අනුව මිහින්තලය නිරෝධායන මධ්‍යස්ථානය තුළ පුද්ගලයන් 100 දෙනකුටත් ඔයාමඩුව නිරෝධායන මධ්‍යස්ථානය තුළ පුද්ගලයන් 24 දෙනකුටත් නිරෝධායන කටයුතු සිදු කිරීමට අවශ්‍ය පහසුකම් සපයා දී ඇත.

තවද මෙම නිරෝධායන මධ්‍යස්ථාන වෙත පැමිණෙන පුද්ගලයන්ට අවශ්‍ය සනීපාරක්‍ෂක ද්‍රව්‍ය, අන්තර්ජාල පහසුකම්, රූපවාහිනී, විදුලි පංකා, ආදී සියලු පහසුකම් ලබා දීමට නාවික හමුදාව කටයුතු සූදානම් කර ඇති අතර නාවික හමුදා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ අධීක්‍ෂණය යටතේ නාවික හමුදා සූපවේදීන් විසින් පිසින ලද පෝෂ්‍යදායී ආහාර නිරෝධායන මධ්‍යස්ථාන වෙත පැමිණෙන්නන් හට ලබා දීමට ද අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර තිබේ.

 

නව අදහස දක්වන්න