ගිනිකොණ නාවික විධානයට අයත් ප්‍රදේශවල ජනයාට නාවිකයන්ගෙන් වියළි සළාක | දිනමිණ


 

ගිනිකොණ නාවික විධානයට අයත් ප්‍රදේශවල ජනයාට නාවිකයන්ගෙන් වියළි සළාක

රක්ෂණ ශ්‍රියන්ත

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ගිනිකොණ නාවික විධානයට අයත් පානම, කල්මුණේ, අක්කරෙයිපත්තුව, පොතුවිල් සහ ලාහුගල ප්‍රදේශයේ පවුල් කිහිපයක් වෙනුවෙන් වියළි ආහාර සළාක බෙදා දීමේ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබේ.

‘නව කොරෝනා’ වෛරසය මෙරට තුළ පාලනය කිරීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් තවදුරටත් ශක්තිමත් කිරීමට නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ උපදෙස් මත ශ්‍රී ලංකා නාවික හමුදාව මේ වන විට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් තම සහාය ලබා දෙමින් සිටී. ඒ අනුව, ගිනිකොණ නාවික විධානයට අයත් ප්‍රදේශයේ පවුල් කිහිපයක් වෙත වියළි ආහාර සළාකයන් ලබා දීම ගිනිකොණ නාවික විධානය බාර ආඥාපති රියර් අද්මිරාල් සෙනරත් වීජේසූරිය මහතාගේ මඟපෙන්වීම යටතේ පසුගිය 27 වැනි දින සිට 29 වැනි දින දක්වා ක්‍රියාත්මක කළේය.

මෙම වැඩසටහන ගිනිකොණ නාවික විධානයට අයත් සියලුම නාවික පුද්ගලයන්ගේ සහයෝගයෙන් ක්‍රියාත්මක කළ අතර ඉදිරියේ දී ද මෙවැනි සමාජ සුබසාධන වැඩසටහන් සඳහා දායකත්වය ලබා දීමට නාවික හමුදාව තවදුරටත් සූදානමින් සිටී.

 

නව අදහස දක්වන්න