කොටපොළ සහ අකුරැස්ස සමුපකාරවලින් සැඟවූ සැමන් ටින් 1,800ක් සොයා ගනී | දිනමිණ


 

කොටපොළ සහ අකුරැස්ස සමුපකාරවලින් සැඟවූ සැමන් ටින් 1,800ක් සොයා ගනී

සුභාෂිණී සේනානායක

කොටපොළ සහ අකුරැස්ස විවිධ සේවා සමූපකාර සමිතිවල තොග ගබඩා පරීක්ෂා කිරීමේ දී සඟවා තිබූ සැමන් ටින් 1,800ක ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි වූ බව මාතර දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරිය ‍පෙ‍‍රේ දා (30) පැවසීය.

සැමන් ටින් 1,200ක් කොටපොළ විවිධ සේවා සමූපකාර සමිතියේ තොග ගබඩාවේ ද සැමන් ටින් 600ක් අකුරැස්ස විවිධ සේවා සමූපකාර සමිතියේ තොග ගබඩාවේ ද තිබී සොයා ගත් බවත් එම සැමන් තොගය පාරිභෝගිකයන් වෙත අලෙවි කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ත ගත් බත්ව පාරිභෝගික සේවා අධිකාරිය සඳහන් කළේය.

මාතර දිස්ත්‍රික්කය තුළ ඇඳිරිනීතිය තාවකාලිකව ඉවත් කිරීමෙන් පසු මෙම ගබඩා දෙකෙහි සැමන් සහ පරිප්පු අලෙවි නොකරන බවට මහජනයාගෙන් ලැබුණු පැමිණිලි මත මෙම වැටලීම සිදු කළ බව එහි උසස් නිලධාරියකු කියා සිටියේය. කෙසේ වෙතත් කොටපොළ විවිධ සේවා සමූපකාර සමිතියේ සභාපති මනෝජ් ජයවර්ධන මහතා කියා සිටියේ සැමන් ටින් සඟවා තැබීමට අවශ්‍යතාවයක් නොවන බවත් එම සැමන් ටින් කොටපොළ සහ පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකෙහි රුපියල් 100.00ට ලබා දීමට සූදානම් කර තිබූ සැමන් ටින් බවත්ය.

නව අදහස දක්වන්න