ඇඳිරිනීතිය කැඩුවොත් වසංගතය අවසන් වනතුරු රඳවා ගන්නවා | දිනමිණ

ඇඳිරිනීතිය කැඩුවොත් වසංගතය අවසන් වනතුරු රඳවා ගන්නවා

පොලිස් මූලස්ථානය අනතුරු අඟවයි

කොවිඩ් 19 වසංගත තත්ත්වය පාලනය කිරීම සදහා ආරක්ෂක පියවරක් ලෙස පනවා ඇති ඇඳිරි නීති රෙගුලාසි තවදුරටත් මහජනතාව උල්ලංඝනය කරන්නේ නම් ඒ අයව අත්අඩංගුවට ගෙන වසංගත තත්ත්වය පහව යන තුරු රඳවා තැබීමට සිදු වනු ඇතැයි පොලිස් මූලස්ථානය අනතුරු අඟවයි.

තම සේවා හැදුනුම්පත ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිතා කිරීමට අවසර ලත් තැනැත්තන් හා එම වාහන හැර ඇඳිරි නීති බලපත්‍ර නොමැති ව මහා මාර්ග හා අතුරු මාර්ගවල ගමන් ගන්නා සියලුම තැනැත්තන් වරෙන්තු නොමැතිව අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බව ද පොලිස් මූලස්ථානය සඳහන් කරයි. එම පුද්ගලයන්ට එරෙහිව නිරෝධායන රෙගුලාසි යටතේ සහ අපරාධ නීතිය යටතේ නඩු පවරන බව ද පොලිස් මූලස්ථානය අවධාරණය කරයි.

ඒ සම්බන්ධයෙන් අධිකරණයේ වරදකරු වුවහොත් සිරදඩුවමකට සහ දඩයකට ද යටත් වනු ඇති බව ද පොලිස් මූලස්ථානය සදහන් කරයි.
පොලිස් මූලස්ථානය සදහන් කරන්නේ ඇඳිරි නීතිය මෙරට පැන වූ දින සිට ඊයේ ( 31) දක්වා 8000 කට ආසන්න පිරිසක් ඇඳ්රි නීතිය උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති බවය.

ගයාන් කුමාර වීරසිංහ

 

නව අදහස දක්වන්න