ඇමැති බන්දුලගෙන් හෝමාගම රෝහලේ කාර්ය මණ්ඩලයට ආරක්ෂිත ඇඳුම් කට්ටල | දිනමිණ


 

ඇමැති බන්දුලගෙන් හෝමාගම රෝහලේ කාර්ය මණ්ඩලයට ආරක්ෂිත ඇඳුම් කට්ටල

අනුර ප්‍රේමලාල්

උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන, තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් කොවීඞ්19 හෙවත් නව කොරෝනා වෛරසය පිළිබඳ සැකකෙරෙන රෝගීන් නිරෝධායනයසඳහා වෙන් කෙරුණු හෝමාගම රෝහලේ කාර්ය මණ්ඬලය සඳහා ආරක්ෂිත ඇඳුම් කට්ටල ප‍්‍රාදානය

කිරීමක් ඊයේ(31* එම රෝහල් පරිශ්‍රෙය් දී සිදුකෙරිණි.මීට මාසයකට පමණ පෙර අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ඉල්ලීම පරිදි සෞඛ්‍ය ඇමතිනී පවිත‍්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය පැමිණ හෝමාගම මූලික රෝහල ජාතික රෝහලක්  බවට පත්කිරීමට අවශ්‍ය මූලික පියවර ගත්තාය. එසේ සංවර්ධනය කෙරෙන හෝමාගම රෝහලට ඉකුත් දින රොබෝ යන්ත‍්‍රයක් ඇතුළු නව තාක්ෂණික අංඟ රැු සක් එක්වූහ.

ඡායාරූපයේ දැක්වෙන්නේ අමාත්‍යවරයා එම ආරක්ෂිත ඇඳුම් කට්ටල රෝහල් අධ්‍යක්ෂතුමා ඇතුළු කාර්ය මණ්ඬලය වෙත ප‍්‍රදානය කරන ආකාරයයි.

නව අදහස දක්වන්න