දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ලොවට බලපෑ බරපතලම තර්ජනය කොරෝනා වෛරසයයි | දිනමිණ

දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ලොවට බලපෑ බරපතලම තර්ජනය කොරෝනා වෛරසයයි

දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ලොවට බලපෑ බරපතලම තර්ජනය කොරෝනා වෛරස් ආසාදනය බව, එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරයි.
 
එහි මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් කියා සිටින්නේ, කොරෝනා වෛරසය හා සමාන තර්ජනයක් මෑත කාලයේ දක්නට නොලැබුණු බවයි. මේ වනවිට ලෝකයේ සෑම රටකින්ම පාහේ කොරෝනා වෛරස් රෝගීන් වාර්තා වී ඇතැයි, විදෙස් මාධ්‍යවල සඳහන්. රටවල් සහ පාලන කලාප 202කින් රෝගීන් වාර්තා වී තිබේ.
 
එසේම, මගී නෞකා දෙකක් මේ වනවිට රෝගීන් සහිතව අන්තර් ජාතික සහය බලාපොරොත්තුවෙන් රැඳී සිටී. ලොව කොරෝනා මරණ සංඛ්‍යාව හතළිස් දහස ඉක්මවා ඇති අතර, ආසාදිත සංඛ්‍යාව, අට ලක්‍ෂ පනස් අට දහසක්. ඊයේ දිනය තුළ පමණක් කොරෝනා වෛරස් ආසාදිතයින් ලක්‍ෂයකට වැඩි පිරිසක් වාර්තා වී තිබේ.

නව අදහස දක්වන්න