රජය සහ Uber Eats ඒකාබද්ධව පාරිභෝගික අත්‍යවශ්‍ය ආහාර සැපයුම් සේවාවන් දියත්කරයි | දිනමිණ

රජය සහ Uber Eats ඒකාබද්ධව පාරිභෝගික අත්‍යවශ්‍ය ආහාර සැපයුම් සේවාවන් දියත්කරයි

දිවයින පුරා COVID-19 වෛරසය පැතිරයාමේ වේගය අවම කිරීමේ එක්පියවරක් වශයෙන්ශ්‍රී ලංකා රජය සහ Uber ආයතනය ඒකාබද්ධවෙමින්, ජනතාව වෙත අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීමට ඉදිරිපත්ව ඇත. 
 
Uber Eats මගින් සපයනු ලබන මෙම සේවාව තුලින් නිවසේම රැදෙමින්,සිය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා ගනිමින්, රජය විසින් ප්‍රකාශයට පත්කරනු ලැබූ මාර්ගෝපදේශ මනාව අනුගමනය කිරීමේ පරිසරය නිර්මාණය කරදී ඇත. තවද මෙම සේවාව සමඟින් මනාසනීපාරක‍්ෂක ක්‍රමවේද අනුගමනය කරමින් ප්‍රවාහනය කරනු ලබන සියලූම සිල්ලර භාණ්ඩ පාරිභෝගිකයන් වෙත ලබාගැනීමේ හැකියාව ලබා දී ඇති අතර,ඒ සඳහා වන ගෙවුම් කාර්යයන් කාඩ්  මුදල් භාවිතයෙන් සිදුකිරීමටද අවස්ථාව සලසාදී ඇත.
 
පවතින තත්ත්වය යටතේ සියලූම සුපිරිවෙළදසැල් සහ කුඩා පරිමාණ වෙළඳසැල් තාවකාලිකව වසා ඇති පසුබිමක, Uber Eats විසින් සුපිරි වෙළඳසැල් සහ ස්වාධීන ව්‍යාපාරික ප්‍රජාව සමඟ එක්වෙමින් පුරවැසියන්ගේ පාරිභෝගික භාණ්ඩ අවශ්‍යතා මෙසේ සපුරාලනු ලබයි. තවදසිය තාක‍්ෂණය සහ බෙදාහැරීම් ජාලය රජය සමඟින් බෙදාගැනීම තුලින් Uber Eats වටිනාජීවිත රැසක්සුරක‍්ෂිත කිරීමේ ජාතික කාර්යයකටද උරදී ඇත.
 

නව අදහස දක්වන්න