පෙරදිග ආසියාවේ දරිද්‍රතාව වැඩිෙවනවා | දිනමිණ


 

පෙරදිග ආසියාවේ දරිද්‍රතාව වැඩිෙවනවා

පෙරදිග ආසියාවේ සහ පැසිෆික් කලාපයේ මිලියන 24ක් වූ ජනතාවකට කොරෝනා වසංගතය හේතුවෙන් දුප්පත්කමේ සීමාව ඉක්මවිය නොහැකි වන බව ලෝක බැංකුව පවසයි. ලෝක බැංකුවේ නවතම වාර්තාවට අනුව ලෝකයේ සෑම රටකටම මේ වසංගතය නිසා ආර්ථික ප්‍රශ්න ඇති වී තිබේ.

වෛරසයේ බලෑම කෙළින්ම දැනෙන කර්මාන්ත මත රඳා පවතින නිවාසවලට මේ අර්බුදයේ බලපෑම ඉහළින්ම සිදුවන බව ද ලෝක බැංකුව වැඩිදුරටත් කියයි. තායිලන්තයේ සංචාරක කර්මාන්තය, වියට්නාමයේ සහ කාම්බෝජයේ නිෂ්පාදන කර්මාන්ත වැනි පැසිෆික් කලාපීය රටවල්වල කර්මාන්තවලට දැඩි ආර්ථික බලපෑමක් වී ඇතැයි එම වාර්තාවේ වැඩිදුරටත් පැවැසේ.

 

නව අදහස දක්වන්න