යුරෝපීය රටවල්වලට ජපානයෙන් තහනමක් | දිනමිණ


 

යුරෝපීය රටවල්වලට ජපානයෙන් තහනමක්

අමෙරිකාව, කැනඩාව, චීනය, දකුණු කොරියාව, එංගලන්තය ඇතුළු යුරෝපීය රටවල් රැසකින් පැමිණෙන අයට තම රටට ඇතුළු වීම ජපානය විසින් තහනම් කොට තිබේ. එසේම රටවල් සහ ප්‍රදේශ 73කට ගමන් කිරීමෙන් වළකින ලෙස තම රටේ වැසියන්ට දැනුම් දී ඇතැයි ජපන් විදේශ ඇමැති ටොෂිමිට්සු මොටේජි පවසයි.

මේ අලුතෙන් ලේඛනයට ඇතුළත් කළ රටවල්වලින් ජපන් ජාතිකයන් නොවන අයට තම රටට පැමිණීම මේ ආකාරයෙන් තහනම් කර තිබේ. එසේම ජබන් අගමැති ෂින්සෝ අබේට සහ ඔහුගේ නියෝජ්‍ය අගමැති ටාරෝ ඇසෝට රෝගය වැළැඳෙතැයි යන අවධානම නිසා ඒ දෙදෙනා රැස්වීම්වලට සහභාගී නොවන බව ද විදේශ ඇමැතිවරයා වැඩිදුරටත් කියා ඇත.

 

නව අදහස දක්වන්න