ඉතාලියේ සහ ස්පාඤ්ඤයේ නව අවස්ථා ප්‍රතිශතය පහළට | දිනමිණ


 

ඉතාලියේ සහ ස්පාඤ්ඤයේ නව අවස්ථා ප්‍රතිශතය පහළට

ඉතාලියේ සහ ස්පාඤ්ඤයේ වසා දැමීමේ කටයුතු තවදුරටත් සිදු වෙතත් රෝගය වැළැඳීමේ නව අවස්ථා ප්‍රතිශතය පහළ බසිමින් පවතින බව වාර්තා වේ. විදෙස් වාර්තා සඳහන් කරන පරිදි මාර්තු 29 වැනිදා වන විට ඉතාලියේ අලුතෙන් රෝගය වැළැඳුණු ප්‍රමාණය 3,815ක් වන විට, මාර්තු 30දා අලුතෙන් රෝගය වැළැඳුණු ප්‍රමාණය 1,648ක් දක්වා පහළ බැස ඇත. කෙසේ වෙතත් 29දා මරණ 756ක් වාර්තා වන විට සඳුදා (30දා) වන විට මරණ 812ක් වාර්තා වී ඇත.

මේ අතර ස්පාඤ්ඤයේ කොරෝනා නව වෛරසය ආසාදනය අඩු වන බවක් නවතම සංඛ්‍යා දත්තවලින් දක්නට ලැබෙන බව එරට විදේශ ඇමැති ඇරෙන්චා ගොන්සාලේස් බීබීසී වෙත පවසා ඇත. සඳුදා වන විට නව සිද්ධීන් 6,400ක් තහවුරු වී ඇති අතර අලුත් මරණ 812ක් සමඟ මුළු මරණ ගණන 7,340ක් වී ඇත.

 

නව අදහස දක්වන්න