සෞභාග්‍යයේ දැක්ම කොවිඩ්-19 හා දේශීය කෘෂිකර්මාන්තය | දිනමිණ

සෞභාග්‍යයේ දැක්ම කොවිඩ්-19 හා දේශීය කෘෂිකර්මාන්තය

ආචාර්ය සූරතිස්ස දිසානායක
සත්ත්ව විද්‍යා හා පරිසර විද්‍යා අධ්‍යනාංශය - කොළඹ විශ්වවිද්‍යාලය

මෙම වසංගතය ආරම්භ වූ චීනය මේ වන විට බොහෝදුරට මෙම වසංගතයෙන් මිදී ඇත. දැන් ඔවුන්ගේ දිනකට වාර්තා වන රෝගීන් සංඛ්‍යාව ඉතා සුළු අගයකි. එසේම ඔවුන්ගේ ආර්ථික පසුබෑමද සැලකිය යුතු ලෙස සමනය කරගෙන ඇත. රජයක් ලෙස අතිගරු ජනාධිපතිතුමා අපට දිය හැකි සියලූ සහන හා සේවාවන් ලබාදී ඇත.

අද වන විට කොරෝනා වසංගතය කළ එළි බැස දින 90 කටත් ආසන්නය. එහි නවතම තත්වය අනුව මේ ලිපිය ලියන මොහොත වන විට ලෝකයේම ආසාධිතයින් 600,000 ක් වන අතර 30,000 ක් පමණ මරණයට පත්වී තවත් 128,717 ක් සුවය ලබා ඇත. මේ වන විට මෙම ආසාධනය බහුලවම බලපාන්නේ ඇමරිකාවට හා ඉතාලියටයි. දිනකට රෝගීන් 10,000 කට වැඩි ප්‍රමාණයක් එම රටවල අළුතින් එකතු වේ.

ශ්‍රී ලංකාවේ මේ වන විට රෝගීන් 117 ක් හඳුනාගෙන ඇති අතර එක් මරණක් වාර්තා වේ. සුවය ලද නව දෙනෙකු රෝහලෙන් පිටව ගොස් ඇත.

ඉතාමත්ම දියුණු සංවර්ධිත රටවල පවා තවමත් මෙම තත්වය මැඩ පවත්වාගෙන නැත. ඔවුන් මේ සඳහා අති විශාල ධනස්කන්දයක්ද වැය කරමින් තවමත් උත්සාහ ගන්නේ කෙසේ හෝ මෙම වසංගතයෙන් ගැලවීමටය. ඇමරිකාව මේ වන විට ඩොලර් බිලියන 2කින් මෙම වසංගතයෙන් ගැලවීම සඳහා දායකත්වය සපයා ඇත. ලංකාව වැනි රටක තවමත් අපට මෙම වසංගතයේ උච්ච අවස්ථාවට මුහුණ දීමට සිදුව නැත. එය එසේ වීමට ඉඩනොදී අතිගරු ජනාධිපතිතුමා හා ත්‍රිවිධ හමුදාව හා පොලීසිය එක්ව අපගේ වෛද්‍යවරුන් සම`ග විශාල මෙහෙවරක් ඉටුකරනු ලබයි. ඒ සඳහා අපගෙන් ලබාදිය යුතු අතහිත ඉතා අනර්ඝව ලබාදීමට අප සියල්ල වගබලාගත යුතුව ඇත.

කොවිඩ් - 19 නිසා අද වන විට ලෝක ආර්ථිකය මෙන්ම අධ්‍යාපන ක්ෂේත‍්‍රයද දරුණු ලෙස බිඳ වැටී ඇත. ලෝක ආර්ථිකයට එක්වීමට තිබු අති විශාල ධනස්කන්ධයක් මෙම කොරෝනා නිසා නැතිව ගොස් ඇත. ලෝක ආර්ථිකයට විශාල ලෙස බලපාන විශාල ජනරාශීන් සිදුවන භඊ්ල ඹෑත්‍් ශුරතාවලිය, ඉන්දියන් ප‍්‍රිමියර් ලීග් තර`ගාවලිය වැනි දෑ දින නියමයන් නොමැතිව කල්තැබීමට සිදුව ඇත. මේ මොහොත වන විට රටකින් තවත් රටකට යෑමද අතිශය ගැටළුකාරී තත්වයකට පත්ව ඇත. එහි ප‍්‍රධාන ප‍්‍රතිඵලයක් ලෙස අපගේ සංචාරක කර්මාන්තය අතිශය ලෙස බිඳ වැටී ඇත.

නමුත් මෙම වසංගතය ආරම්භ වූ චීනය මේ වන විට බොහෝදුරට මෙම වසංගතයෙන් මිදී ඇත. දැන් ඔවුන්ගේ දිනකට වාර්තා වන රෝගීන් සංඛ්‍යාව ඉතා සුළු අගයකි. එසේම ඔවුන්ගේ ආර්ථික පසුබෑමද සැලකිය යුතු ලෙස සමනය කරගෙන ඇත. රජයක් ලෙස අතිගරු ජනාධිපතිතුමා අපට දිය හැකි සියලූ සහන හා සේවාවන් ලබාදී ඇත. රැුකියා නියුතුවන්ගේ මාසික වේතනයද නිසි කලට ඔවුන්ගේ ගිණුම්වලට බැර කිරීමට සලස්වා ඇත. එසේම නව පත්වීම් ලබාදුන් තරුණ තරුණියන්ට ද ඔවුන්ගේ පුහුණු කාලය තුළ ලබාදීමට ප‍්‍රතිඥා දුන් මුදල්ද ලබාදීමට කටයුතු කර ඇත. ණය වාරික ගෙවන කාලය දීර්ඝ කර ඇත. කුඩා ව්‍යාපාර හිමියන් ලබාදුන් ඔවුන්ගේ චෙක්පත් ‘‘අ`ගරු‘‘ වීමට නොදී ඒවාටද අපේ‍්‍රල් 30 දක්වා දින ලබාදීමෙන් බැංකු ම`ගින් එක් චෙක්පතක් සඳහා කපාගැනීමට සිටින රු. 4,000/- ක මුදලද ඉතිරි කර දී ඇත. එසේම ඇදිරිනීතිය බලපවත්නා කාලය තුළ ජනතාවට අවැසි වියළි ආහාර පාන යනාදියද පහසු මිලකට ලබාදීමට කටයුතු කර ඇත. එලෙසම අඩු ආදායම්ලාභීන් හෙවත් දෛනික වේතනයන් ලබන්නවූත් වෙනුවෙන් ‘‘සහන සහනාධාරයක්’’ ලබාදීමට ඉදිරිපත් වී ඇත.

ශිලා යුගය

මානවයාගේ සම්භවයත්් සම`ගම ඔවුන්ගේ තාක්ෂණික ඥාණය දියුණුවත්ම ඔවුන් විවිධ සංස්කෘතික වෙනස්වීම්වලට බඳුන්විය. එකළ මානවයන් පසුකර ආ ප‍්‍රධාන අවධීන් අතර ගල් යුගය (ශිලා යුගය* ඉතා කැපී පෙනෙන සංස්කෘතික යුගයක් වේ. පේලියෝලිතිකය, මීසොලිතිකය හා නියොලිතිකය වශයෙන් එම ගල්යුගය විකාශනය වී ඇත. නියොලිතිකය හෙවත් ‘‘නව ශිලා යුගය’’ අදින් වසර 10,000 කට ප‍්‍රථම ආරම්භ වූවක් වේ. එකල මානවයන් පෘථිවි තලය මත ගෘහස්ථකරණය ආරම්භ කරන ලදි.

ශාක හා සත්ත්ව ගෘහස්ථකරණය ආරම්භ වූ එම යුගය ‘‘නවශිලා යුගයේ පුනරුදය’’ ලෙසද හඳුන්වා දිය හැක. එතෙක් කල් ගල් ගුහා හා ගල් ආවරණ තුළ ජීවත් වූ මානවයන් ස්ථිර වාසස්ථාන තනා තම ජීවිකාව ආරම්භ කිරීමට පෙළඹුන අතර තවත් සමහරක් මානව කාණ්ඩයන් තැන තැනට යමින් එඬේරයන් හා සංක‍්‍රමික ගොවියන් ලෙසද දිවි පැවැත්ම සිදුකරගන්නා ලදි. නව ශිලා යුගයේදී ඇරඹි කෘෂිකර්මාන්තය ලෝකය පුරා ව්‍යාප්ත වීම ප‍්‍රධාන මධ්‍යස්ථාන තුනක් ඔස්සේ සිදුව ඇති බවට පුරාවිද්‍යාත්මක සාක්ෂි ඇත. එනම් මැද පෙරදිග ආශ‍්‍රිතව පැවති ‘‘සාරවත් අඩකවය’’, ‘‘චීනයේ කහ ගංගා නිම්නය’’ හා ‘‘චීනයේ යැංග්සි ගංගා නිම්නයයි’’.

වර්ග කිලෝමීටර් 65,610 ක් වූ කුඩා දිවයිනක් වූ අප මාතෘභූමියේ ද මූලික ගෘහස්ථකරණය අදින් වසර 17,000 කට පමණ පෙර සිදුව ඇති බවට ඕට්, මිලට්, බාර්ලි වැනි සත්ත්ව ආහාර ලෙස භාවිත කරනු ලබන ශාකයන්ගේ අතීත පරාග කණිකා විශ්ලේෂණය ම`ගින් අධ්‍යයනය කර ඇත. එසේ නම් ලෝකයේ සියළුම රටවලට ප‍්‍රථම අපගේ කෘෂිකර්මාන්තයද ආරම්භ වීමට බොහෝ දුරට ඉඩ ප‍්‍රස්ථාව ඇති බව මෙයින් සනාථ වේ.

ස්වභාවික කෘෂිවගාව

එලෙසින් එකළ ආරම්භ වූ කෘෂිකර්මාන්තය සඳහා එකල මානවයාගේ දෛනික අවශ්‍යතාවයට සරිලන බෝගයන් වගා කර ඇත. ඔවුන් එකළ කිසිවිටක අද අප භාවිත කරන ජාන තාක්ෂණය පිළිබඳ නොදැන සිටින්නට ඇත. නමුත් ඔවුන් භෝගයන් දෙමුහුම්කරණය ම`ගින් වැඩි ඵලදාවක්, වැඩි අස්වැන්නක් ගත හැකි පරිදි සකස් කරගෙන ඇත. එමෙන්ම එම භෝගයන් කටුක පාරිසරික තත්වයන්ට ඔරොත්තු දෙන පරිදි නිර්මාණය කරගෙන ඇත. ඔවුන් ඉතා හොඳ සුව සම්පත සපිරි දිවිපෙවතක් ගතකොට ඇත.

ඔවුන් කිසිවිටකත් තමන්ගේ භෝග වගාවට රසායනික පොහොර යෙදුවේ නැත. පළිබෝධනාශක යෙදුවේ නැත. එසේ නම් ඔවුන් කෙසේ වැඩි ඵලදාවක් ලබාගත්තේද? එය ස්වභාවික පාරිසරික තුල්‍යතාවයේ ප‍්‍රතිඵලයකි. සතා සිව්පාවා පරිසරය සම`ග නිරන්තරයෙන් ම සම්බන්ධකම් දක්වයි. අන්තර් ක‍්‍රියා දක්වයි. භෝගයන් මත යැපෙන කෘමින් මෙන්ම වෙනත් සතුන්ද එකලත් මේ පොළෝතලය මත ජීවත් විය.

වල් ඌරන්, අලි ඇතුන්, මොණරුන් එකලත් ජීවත් විය. නමුත් කිසිවිටකත් අලි මිනිස් ගැටුම් හට ගත්තේ නැත. ඌරන් හා මොණරුන් ඔවුන්ගේ අස්වැන්න සම්පූර්ණයෙන්ම උඳුරාගත්තේ ද නැත. ඔවුන් සියල්ලෝම ඉතා හොඳ අන්තර් සම්බන්ධතාවයක් සහිතව පරිසරය තුළ ජීවත් විය. භෝගයන් මත යැපෙන කෘමින්ව පාලනය කිරීමට ස්වභාවික සතුරන් ලෙස වෙනත් ජීවින්ද පරිසරයේ ජීවත් විය. එම නිසා ඔවුන්ගේ අස්වැන්න අඩුවූයේ නැත. ඔවුන් කිසිවෙකුට අකල් වකුගඩු රෝග සැදුනේ නැත. ඔවුන් ජීවත් වන පරිසරයේ ගලායන ඕනෑම ඇලකින්, දොළකින්, ග`ගකින් ඕනෑම වේලාවක පිපාසය සන්සිඳුවා ගැනීමට හැකි විය. තවත් ලෙසකට පැවසුවහොත් එකල මානවයන් කාබනික වගාවන් තුළින් තම දිවි රැුකගත් බව පැවසිය හැක.

රසායනික වගාව

පසුකාලීනව මානවයන්ගේ ගහන ඝනත්වය වැඩිවෙත්ම, ඔවුන්ගේ ඥාන ශක්තිය වැඩිවෙත්ම ඔවුන් විවිධ දෑ අත්හදා බැලීම්වලට පෙළඹුණි. එහිදී, තමන්ගේ යන මතය හෙවත් මමත්වයද ඉස්මතු විය. මෙය අද වන විට අප මුහුණ දෙන ක‍්‍රියාවන් රැුසක ආරම්භයද විය. මෙතෙක් කළක් පැවති කාබනික වගාව රසායනික පොහොර යෙදීම නිසා නැති විය. වගාව මත සුහදව ජීවත් වූ කෘමින් හා වෙනත් සතුන්ට පළිබෝධ නාෂක, උගුල් ඇටවීම් යනාදිය ආරම්භ විය. අස්වැන්න වැඩි විය. නමුත් මානවයාගේ සෞඛ්‍යය සම්පන්නභාවය අඩුවිය. වගාව හා අන්තර්ක‍්‍රියා ඇතිකරගෙන සිටි කෘමිපළිබෝධකයන්ගේ ස්වභාවික සතුරන් නැති වී ගියේය. විවිධ පොහොර හා පළිබෝධනාෂක නිසා පිරිසිදු දියකඩිති, ගං`ගා, ඇළ - දොළ අපිරිසිදු විය. අපට අවැසි ලෙස ඒවා පානය කිරීමට නොහැකි තත්වයට පත්වුණි. පළිබෝධනාශක ආ සමහර පොහොර ආශ‍්‍රිතව වූ බැරලෝහ නිසා වකුගඩු රෝග ඇති විය.

එසේ නම් දැන් අප කුමක් කළ යුතුද?

කොරෝනා දැන් අපට පාඩමක් කියා දෙයි. එසේ නම් නැවතත් අතීත පරිසරය නිර්මාණය කරගත යුතුව ඇත. අප එය කෙසේ කළ යුතුද යන්න දැන් ප‍්‍රධාන මතයයි. සියළු පාසැල් දිවයින පුරා වසා ඇත. පෞද්ගලික පංති දැන් නැත. සියලූ ළමෝ තම දෙමව්පියන් සෙවනේ ඇත. අතීතයේදී අප හිමිදිරියේ නැගිටින විට අපට ඇසෙන්නේ කණ පිනා යන කුරුළු නාදයකි. දැනෙන්නේ පලතුරුවල සුවඳය. එක්කෝ කජු පුහුලමක සුවඳ, නැතහොත් වැළ ගෙඩියක, වරකා ගෙඩියක සුවඳ එසේත් නැතිනම් අඹ ගෙඩියක සුවඳය. නමුත් දැන් අපට අපගේ ගෙවත්තේ පේන තෙක් මානයක වවුලන් කා දමා අතහරින ලද කජු පුහුලමක් දැකගත නොහැක. සමහර ළමුන් කජු පුහුලන් ද අද වන විට සැබහින් දැක නැත.

කොරෝනා යනු විකෘති වෛරස් දර්ශයකි. එය මැඩලන තෙක් අපට නිවෙස්වලට වී සිටීමට නියමිතය. ජාතියක් ලෙස අප එය කළ යුතුය. නැතහොත් ඔබ අප කවුරුත් බලා සිටි අපගේ අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම බොඳවූ සිහිනයක් බවට පත්වනු ඇත. පටු දේශපාලන අරමුණු මුදුන් පමුණුවා ගනිමින් සමහරක් දේශපාලඥයින් එම සොඳුරු දැක්ම විනාශ කිරීමට සැදි පැහැදි සිටී. නමුත් අප එයට ඉඩදිය යුතු නැත. අපගේ කර්තව්‍ය අප මනාව ඉටුකරමු.

අපි වවමු රට නගමු

සෞභාග්‍යයේ දැක්මේ එක් පැතිකඩක් ලෙස දේශීය වගාව අපට හඳුන්වා දිය හැක. එනම් දැන් එය සපථ කරගැනීමට අවශ්‍යය කාලය එළඹ ඇත. අතිගරු ජනාධිපතිතුමාගේ කාර්යය සාධක බලකායේ කර්තව්‍යයක් ලෙස ඉදිරියේදී ඔබට අවශ්‍ය ධාන්‍ය භෝග, ඇට වර්ග කෘෂිකර්මාන්ත මධ්‍යස්ථානවලින් ලබාදීමට කටයුතු කරනු ඇත. දැන් ඉතින් ‘‘අපි වවමු. රට නගමු’’ යන උද්දෘත පාඨය පෙරදැරි කරගෙන මෙම සත්ක‍්‍රියාව ආරම්භ කරමු.

අන්තර්ජාලයෙහි දිස් වූ පරිදි 15 වන ශතවර්ෂයේ කොරෝනා දුටු ‘‘නොස්ට‍්‍රාඩාමස්’’ ලෝකයේ නැගෙනහිර දෙසින් ‘‘ඔටුන්නක්’’ හෙවත් ‘‘රැුජිනක්’’ හිස ඔසවා එය කඳු 7 ක් සහිත රටකට වේගයෙන් පැතිර ගොස් ලෝක ආර්ථිකයද අවසන් කරනු ලබන බවට දාර්ශනික මතයක් ඉදිරිපත් කර තිබි ඇත. ලෝකයේ නැගෙනහිර යනු චීනයද, කඳු හතක් සහිත නගරය සහිත රට ඉතාලියද වේ. එසේ නම් අද අපට එය සත්‍යයක් ලෙස පසක් වනු ඇත.

කොරෝනා වලින් වැළකීමට අපට කළ හැකි දෑ අතර ප‍්‍රධාන තැනක් ගනු ලබන්නේ අපගේ ශරීර සෞඛ්‍ය හොඳින් නඩත්තු කරගැනීම ම`ගින් අපගේ ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය උත්තේජනය කරගැනීමයි. එසේ නම් අපගේ දුවා දරුවන්වද මෙම ‘‘අපි වවමු. රට න`ගමු’’ යන උද්දෘත පාඨයට එක් කර ඔවුන්ගේ දෑත් ශක්තිමත් කර ඔවුන් සම`ග එක්ව අපගේ දේශයේ වගා සංග‍්‍රාමයක් ගොඩ නගමු. එම`ගින් ඔවුන්ව කය වෙහෙසා වැඩ කිරීමට පෙළඹෙන අතරම ස්වභාවික පරිසරය පිළිබඳව නිසි අවබෝධයත්, එහි ඇති සතා සිව්පාවා පිළිබඳ නිසි අධ්‍යනයක්, පාරිසරික සම්බන්ධතා පිළිබඳ හොඳ නිරීක්ෂණයක් හා යහපත් ශරීර සෞඛ්‍යයක් ල`ගාවනු ඇත.

ඔබ ඔබගේ දරු පරපුර වෙනුවෙන් මෙම වගා සංග‍්‍රාමය ආරම්භ කරන්න. එහිදී හැකිතාක් දුරට දේශීය පලතුරු හා එලවළු වගාකරන්නට පෙළබෙන්න. මන්දයත් දෙමුහුම් ප්‍රභේදයන් වැඩි අස්වැන්නක් ලබාදුන්නද ඒවායේ ඇත්තේ ජාන විකෘතීන්ය. එය අපගේ ශරීරයට විවිධ ආකාරයෙන් බලපෑ හැක. නමුත් දේශීය ප්‍රභේදයන් රසයෙන්, ගුණයෙන් වැඩි වන අතරම අස්වනු වර්ෂය පුරාම ලබාදෙයි. එසේම ඒවාට කෘමි පළිබෝධ උවදුරු, දිලීර රෝග යනාදියෙන් වන හානිය ඉතා අඩුය. ඒවාට රසායනික පොහොර යෙදීමට අවශ්‍ය නැත. ඒවා ඉතා හොඳින් කාබනික පොහොර ම`ගින් වැඩි ඵලදාවක් ලබාදෙයි. ඔබගේ ගෙවත්තේ මෙම වගා සංග‍්‍රාමයට ඉඩමදිනම් ඔබ ඉවත දමන්නා වූ ප්ලාස්ටික් භාජන, ටයර් වැනි දෑ ඒ සඳහා භාවිත කරන්න.

නැතහොත් ඔබගේ අසල්වැසියාත් සම`ග කථිකා කොට ගෙන වෙන වෙන මාදිලායේ වගාවන් සිදුකර අස්වැන්න හුවමාරු කරගැනීමෙන් ඔබගේ ඉඩකඩ පිළිබඳ ප‍්‍රශ්නයට කදිම පිළිතුරක් ලබාගත හැක. එසේම ඔබගේ දුවා දරුවන්ට මෙම ස්වභාවික පාරම්පරික වගාවන් පිළිබඳව මහ`ගු අවබෝධයක් ලැබෙනු ඇත. තවද කෘමි පළිබෝධකයන් වගාවට අනුවර්තනය වීම වැළැක්වීම සඳහා ශෂ්‍යය මාරුව, වල්පැල උගුල්ලා දැමීම, කොහොඹ වැනි ශාක සාරයන් වගාවට ඉසීම ම`ගින් පළිබෝධ මර්ධනය වැනි පාරම්පරික ඥානය පිළිබඳව ද මාන අවබෝධයක් ඔවුන්ට ලැබෙනු ඇත.

15 වන ශතවර්ෂයේ පවසන ලද අනාවැකිය අප රටට සත්‍යයක් නොවීමට අප වගා බලගනිමු. එවිට අපට බත බුලතින් පිරි ස්වයංපෝෂිත අතීත ශ්‍රී ලංකාවක් නැවතත් ල`ගාවනු ඇත. අපගේ රටේ ශක්තිමත් කෘෂි ආර්ථිකයක් ඇතිකරමු. අතීතයේ මෙන් අප අපගේ දේශීය කෘෂි ඵලදාවක් අපනයනය කරමු. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම සරු ඵළ ගන්වමින් නැවතත් සශ‍්‍රික ශ‍්‍රී ලංකාවක් ගොඩන`ගමු.

 

නව අදහස දක්වන්න