දේශීය ඖෂධවලින් යුත් ජංගම විෂබීජ හරණ කුටීරයක් | දිනමිණ


 

දේශීය ඖෂධවලින් යුත් ජංගම විෂබීජ හරණ කුටීරයක්

ලොව පුරා ව්‍යාප්තව පවතින කොවිඩ්-19 හෙවත් කොරෝනා වෛරසයෙන් ආරක්ෂා විමට හැකි ඕනෑම විෂබීජයක් තප්පර තිහක්(30) වැනි කෙටි කාලයක් තුල පුද්ගලයකුගේ ශරිරයෙන් ඉවත් කල හැකි දේශිය ඖෂධවලින් යුත් ජංගම විෂබීජ හරණ කුටීරයක් නිශ්පාදනය කිරිමට හොරොව්පතාන ගුරුවරයකු සමත්ව තිබේ.

මේ නවතම නිර්මාණය කර තිබෙන්නේ පංසල පාර ,මරදන්කඩවල,හොරොව්පොතාන යන ලිපිනයෙහි පදිංචි එම්.කැලුම් සදරුවන් මහතාය.ඒ මහතා පන්කුලම්, මොරවැව සිරි ගජබා මුලික පිරිවනේ ගණිත විද්‍යා ගුරුවරයකු වශයෙන් කටයුතු කරයි. මෙම නවතම විෂබීජ හරණ කුටීරය පිලිබඳව කරැණු පැහැදිලි කළ එම්.කැලුම් සදරුවන් මහතා මෙසේ සදහන් කළේය.

කොරොනා උවදුරින් ආරක්ෂා වීමේ අරමුණ ඇතිව මෙම ජංගම විෂබීජ හරණ කුටීරයක් නිශ්පාදනය කිරිමට පෙළඹුනා.මේ සදහා අතිතයේ විෂබීජ විනාශ කිරීමට යොදා ගැණුන පැරණි ආයුර්වේදිය ඖෂධ මෙම විෂබීජ හරණයට යොදා ගෙන තිබෙනවා.

මෙහිදී සිදු වන්නේ වටිනා දේශිය ⁣⁣ ⁣⁣ඖෂධ වර්ග වන කොහොඹ, පාවටිටා, උදුපියලිය ,දෙහි, දොඩම් ඇතුළු තවත් සුවි⁣ශේෂි ⁣ෙඖෂධ වර්ග කිපයක් මේ සදහා යොදා ගන්නවා. මෙම ඹෞෂධ වර්ග දේශිය වෛද්‍යවරයකගේ උපදෙස් මත ලබා ගත්තා .මේවා තැමිබිමෙන් දහනය වන හුමාල ආසවනය (ද්‍රව වාතය භාගික ආසවනය) මගින් මෙම ⁣ඹෞෂධ විෂබීජ හරණ කුටියට ඇතුළු වනවා. මෙම කුටිරය හරහා ගමන් ගන්නා සැම මිනිසෙකුගේ බාහිරින් ඇති සියලුම ජිවි විෂබීජ අජිවි තත්වයට පත් කරනවා.

මෙම ක්‍රියාව තත්පර 30ක් වගෙ කෙටි කාලයක් තුල සමිපුර්ණ යෙන්ම සිදු වෙනවා.මේ නිසා

කුටිරය තුලින් ඒළියට එන්නෙ සමිපුර්ණ යෙන්ම විෂබීජ හරණය වු පුද්ගලයක්.මේ නිසා බාහිර විෂබීජ හරණය වු මිනිසෙකු සමාජ ගත කල හැකියි.එහෙත් අපේ රටේ අවාසනාවකට මෙවැනි දෑ නිර්මාණය වුවද බටහිර වෛද්‍ය විද්‍යාව කෙරෙහි ඇති බලපෑම නිසා මේවා සමාජ ගත කිරිමට නොහැකි වෙලා තිබෙනවා. මෙම නිර්මාණයටද මේ වන විට බලධාරීන්ගේ බාධාවන් පමණක් එල්ල වන බවද හෙතම වැඩිදුරටත් සදහන් කළේය .

සටහන හා ජායාරුප
අමිල ප්‍රභාත් වනසිංහ-අනුරාධපුර අතිරේක

නව අදහස දක්වන්න