දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය සති 2ක් වසන්න විශේෂ මහා සභාවේදී සාකච්ඡවට | දිනමිණ

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය සති 2ක් වසන්න විශේෂ මහා සභාවේදී සාකච්ඡවට

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පවතින බරපතළ අර්බුදකාරී තත්ත්වය සහ කොරෝනා රෝග වැළැක්වීමට ගන්නා උත්සාහයක් හැටියට සති දෙකක කාලයක් වසා තබන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව දඹුල්ල නගරාධිපතිවරයා ඇතුළු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු විශේෂ මහා සභාවක් පවත්වමින් 01 දින ඉල්ලීමක් කර සිටියහ. දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතාගේ ප්‍රධානත්වයෙන් නගර සභා ගර්භයේදී විශේෂ මාසික මහ සභා රැස්වීම කැඳවා තිබිණි.

ඒ අනුව රටේ පවතින අර්බුදය පිළිබඳව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් සාකච්ඡා කළ අතර යහපත් සියලු කරුණු කාරණාවලදී පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ඒ සඳහා සහයෝගය ලබා දීමට මන්ත්‍රීවරුන් එකගතාවකට ද පැමිණියහ.

සීගිරිය විශේෂ

නව අදහස දක්වන්න