අද හෙට සහ 06 වැනිදා දිවයිනේ සියලුම ඔසු සැල් විවෘතයි | දිනමිණ


 

අද හෙට සහ 06 වැනිදා දිවයිනේ සියලුම ඔසු සැල් විවෘතයි

*විශ්‍රාම වැටුප් ගන්න ප්‍රවාහන පහසුකම්

* විශ්‍රාමික හැඳුනුම්පතත් ඇඳිරිනීති බලපත්‍රයක්

ජ්‍යේෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් අද (02)ත් හෙට (03)ත් ලබන 06 වැනිදාත් දිවයිනේ සියලුම ඔසු සැල් විවෘතව තැබෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

මේ දිනවල ජ්‍යේෂ්ඨ පුරවැසියන්ට විශ්‍රාම වැටුප් ගෙවීමට රජය පියවර ගෙන ඇති අතර ඊට සමගාමීව හමුදාව විසින් ඔවුන්ට ප්‍රවාහන පහසුකම් ලබා දීමට පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවැසීය.

ඔසු සැල් විවෘතව තැබෙන්නේ එම ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ පහසුව සඳහා බව ද පොලිස් අධිකාරීවරයා පැවසීය. මෙහිදී ඇඳිරිනීති බලපත්‍රය ලෙස ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ හැඳුනුම්පත පිළිගන්නා ලෙස දිවයිනේ සියලුම පොලිස් ස්ථානවලට දැනුම් දී ඇතැයි ද ඒ මහතා සඳහන් කළේය.

ගයාන් කුමාර වීරසිංහ

නව අදහස දක්වන්න