ගත වු පැය 24 තුළ 1,015ක් අත්අඩංගුවට | දිනමිණ

ගත වු පැය 24 තුළ 1,015ක් අත්අඩංගුවට

ගත වු පැය 24 ක කාලය තුළ එනම් ඊයේ(01) උදෑසන 6 සිට අද(02) උදෑසන 6 දක්වා ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 1015ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කරයි. 
 
එම කාලයේ දී වාහන 254 ක් ද අත්අඩංගුවට ගෙන ඇත.
 
මේ අනුව ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළ මාර්තු 20 වන දින සිට අද දක්වා පුද්ගලයින් 9466 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට පත් සමස්ත වාහන සංඛ්‍යාව 2332 ක් බව ද සදහන් වේ.

නව අදහස දක්වන්න