යුද හමුදාව යටතේ නිරෝධායනය වූ 2,118ක් නිරෝධායනය වී අවසන් | දිනමිණ


 

යුද හමුදාව යටතේ නිරෝධායනය වූ 2,118ක් නිරෝධායනය වී අවසන්

විජයානි එදිරිසිංහ

යුද හමුදාව යටතේ නිරෝධායන මධ්‍යස්ථාන කිහිපයක නිරෝධායනය වෙමින් සිටි දෙස් විදෙස් පුද්ගලයන් තුන්දහස් හත්සිය තිස්හතර දෙනකුගෙන් දෙදහස් එකසිය දහ අට දෙනකු නිරෝධායනය වීම අවසන් වී තිබේ.

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා පවසා සිටියේ තවත් 1,616 දෙනකු නිරෝධායනය වෙමින් සිටින බවයි.

මේ අතර සිටි විදේශීය ජාතිකයන් තිස්‌ එක් දෙනකු අතරින් 23 දෙනකු නිරෝධායනය අවසන් කර තිබේ. ඒ අතර ප්‍රංශ, චීන, කැනඩා, ජපන් ජාතිකයෝ වෙති.

නව අදහස දක්වන්න