සුන්දර නුවරඑළිය ආරක්ෂා කරගැනීමට වැඩපිළිවෙලක් | දිනමිණ

සුන්දර නුවරඑළිය ආරක්ෂා කරගැනීමට වැඩපිළිවෙලක්

වාර්ෂිකව පවත්වනු ලබන නුවරඑළිය වසන්ත සැනකෙළිය වෙනුවට මෙවර කොරෝණා වෛරසයෙන් සුන්දර නුවරඑළිය නගරය හා ජනතාව ආරක්ෂා කරගැනීමට අදාල කටයුතු කරන බව නුවරඑළිය මහ නගර සභාවේ නගරාධිපති චන්දන ලාල් කරුණාරත්න මහතා පවසයි.
 
1888 වර්ෂයේ  පමණ සිට උද්‍යාන ප්‍රදර්ශනයකින් ආරම්භ කෙරුණු මෙම වසන්ත සැනකෙලිය වඩාත් විධිමත්ව 1988 වර්ෂයේ සිට පසුගිය වසර තෙක් අඛණ්ඩව ක්‍රියාත්මක විය. රටේ පවතින වර්තමාන තත්වය යහපත් අතට පත්වු පසු නැවත මෙම සැකෙළිය පවැත්වීමට අපේක්ෂා කරන බව නගරාධිපතිවරයා පැවසීය.
 
සෑම වර්ෂයකම වසන්ත උදාන සැනකෙළිය අප්‍රේල් මස 01 වැනි දින නුවරඑළිය නගර මාධ්‍යයේ දී පාසල් තුර්යවාදක කණ්ඩායම් සංදර්ශණයකින් ආරම්භ වි අප්‍රේල් 25 දක්වා පැවැතිය ද මෙවර එය නොපවැත්වනු ඇත.

නව අදහස දක්වන්න