ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි යෝගා අභ්‍යාසවල | දිනමිණ


 

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි යෝගා අභ්‍යාසවල

කොරෝනා වසංගතය කාලයේ නිවසේ සිටින ජනතාව සෞඛ්‍ය සම්පන්නව සිටීමට දිරිමත් කිරීමට තමන් යෝගා අභ්‍යාසවල නිරත වන ආකාරය දැක්වෙන වීඩියෝවක් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි තම ට්වීට් අඩවියේ පළ කර ඇත. ඉන්දීය අගමැති මෝදිගේ එම කටයුත්ත අමෙරිකානු ජනපතිගේ ජ්‍යේෂ්ඨ උපදේශකවරියක වන ඉවන්කා ට්‍රම්ප් දියණියගේ ප්‍රශංසාවට ලක් වී තිබේ.

යෝගා ආසනයක සිටින මෝදි එය ආතතිය කළමනාකරණයට වැදගත් වන බව මේ වීඩියෝවේදී පවසයි. තමන්ට විවේකයක් ලද විට සතියකට වරක් දෙවරක් නිද්‍රා යෝගය පුහුණු කරන බව මෙහිදී මෝදි කියයි. එය යහපැවැත්ම ඇති කර, ආතතිය සහ කාංසාව දුරු කරන බව ද ඔහු මෙහිදී පවසා තිබේ. මෙය අපූරුයි ඔබට ස්තූතියි යැයි ඉවන්කා මෝදිගේ ට්වීට් පණිවුඩයට ප්‍රතිචාර දක්වමින් පවසා ඇත.

 

නව අදහස දක්වන්න