අඩු වියදම් ස්වසන ආධාරක නිර්මාණයට වෑයමක් | දිනමිණ

අඩු වියදම් ස්වසන ආධාරක නිර්මාණයට වෑයමක්

කොවිඩ් 19 රෝගය නිසා පීඩා විඳින රෝගීන් දහස් ගණනකට සෙත සැලසීම සඳහා අඩු වියදම් ස්වසන ආධාරක (වෙන්ටිලේටර) නිර්මාණය කිරීමට ඉන්දියාවේ පූනේ නුවර තරුණ ඉංජිනේරුවන් පිරිසක් කඩිනමින් පර්යේෂණ සිදුකරමින් පසුවන බව වාර්තාවේ. වසර දෙකක් තරම් කාලයක් ඇතුළත ආරම්භ කර ඇති මේ නව පර්යේෂණ ආයතනය සවිකර ඇති සූර්ය කෝෂ පිරිසුදු කිරීමේ රොබෝවරයකු කළින් නිර්මාණය කර ඇත. මේ සඳහා ඉදිරිපත් ව සිටින තරුණ ඉංජිනේරුවන් ඉන්දියාවේ අංක එකේ ඉංජිනේරු පාසල්වලින් පැමිණ තිබේ.

ඉන්දියාවේ වෙන්ටිරේටර 48,000ක් ඇතැයි පැවැසෙන නමුත් ඒවායින් ක්‍රියාත්මක මට්ටමේ ඒවා කොපමණක් ඇත්දැයි නොදන්නා බවත් මේ බොහොමයක් වෙනත් රෝගීන් සඳහා ද යොදා ගන්නා බව වාර්තා වේ. මේ නිසා මාසයක් ඇතුළත නව අඩුමිල වෙන්ටිලේටර 20,000ක් නිෂ්පාදනය කිරීමට තරුණ ඉංජිනේරු පිරිස පර්යේෂණ කරති.

නව අදහස දක්වන්න