තායිලන්තයේ අලි කුසගින්ෙන් | දිනමිණ


 

තායිලන්තයේ අලි කුසගින්ෙන්

කොරොනා වයිරස් තර්ජනය නිසා තායිලන්තයේ සංචාරක ව්‍යාපාරය බිඳවැටීමෙන් සංචාරක කර්මාන්තයට යොදවා සිටි අලින් 1000කට වැඩි ප්‍රමාණයක් කුසගින්නේ පසුවන බව බීබීසී වාර්තා කරයි. තායිලන්තයේ 4,000කට වැඩි හීලෑ අලි ඇතුන් ප්‍රමාණයක් සිටින අතර උන්ට ආහාර සැපැයීම විශාල අර්බුදයක් වී ඇත.

අලියකු දිනකට ආහාර කිලෝ ග්‍රෑම් 200ක් පමණ ගනියි. අලින්ට පිහිට වීමට ආයතනයක් පිහිටුවාගෙන සිටින ලෙක් චයිලර්ට් පවසා ඇත්තේ මේ සතුන්ට සහායක් හිමිවිය යුතු බවයි. ආහාර නොමැතිකම නිසා ගර්භනී ඇතින්නන්ද තර්ජනයට ලක්වී සිටින අතර ඇතැම් විට උන් කුසගින්නේම මිය යාමට හෝ මාර්ග දෙපස හිඟමනේ යෙදවීමට ඉඩ ඇති බව ද කීවේය.

මෙයට විකල්පයක් ලෙස ඇතැම් අලීන් සත්වෝද්‍යානවලට විකිණීමට හෝ හොර දැව ජාවාරවම්වලට යෙදවීමේ ප්‍රවණතාවක් එරට ඇති වී තිබේ. අලින් මෙවැනි කටයුතුවල නිරත කරවීම 1989 දී එරට තහනම් කෙරිණි. පවතින වියලි කාලයේ දී මේ සතුන්ව බලාකියා ගැනීම ඉතාම අපහසු බව අලි හිමියෝ පවසති.

 

නව අදහස දක්වන්න