විශ්‍රාම වැටුප නිවෙසටම | දිනමිණ

විශ්‍රාම වැටුප නිවෙසටම

විශ්‍රාම වැටුප තැපැල් කාර්යාලවලින් ලබාගන්නා විශ්‍රාමිකයන්ට සිය නිවෙස්වලටම ගෙනගොස් භාරදීමේ රජයේ වැඩසටහන අනුව අකුරැස්ස තැපැල් කාර්යාලය ඊ‍යේ (02) එම කාර්ය ඉටු කෙරිණි.

අකුරැස්ස ප්‍රධාන තැපැල් ස්ථානාධිපති පියල් ගුණසේකර මහතා ප්‍රමුඛ කාර්ය මණ්ඩලය විසින් සිය කාර්යාලයෙන් අනුබද්ධ උප තැපැල් කාර්යාලවලින් වැටුප් ලබාගන්නා විශ්‍රාමිකයන් 125 දෙනකුගේ නිවෙස් වෙත ඔවුන්ගේ විශ්‍රාම වැටුප ගෙන ගොස් භාරදුන්හ.

අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් චන්දන තිලකරත්න මහතා විසින් කාර්යාලයීය කැබ් රථයක් මෙම වැඩසටහන සඳහා යොදවන ලද අතර අකුරැස්ස පොලිසිය මඟින් එම වාහනයට ආරක්ෂාව සැපයූහ.

විජිත සල්ගාදු අකුරැස්ස මධ්‍යම විශේෂ

නව අදහස දක්වන්න