බමුණුගම කොහු මෝලක ගින්නක් | දිනමිණ


 

බමුණුගම කොහු මෝලක ගින්නක්

ඇඳිරිනීතිය පනවා තිබූ අවස්ථාවේදී මාතර, බමුණුගම ප්‍රදේශයේ කොහු මෝලක් ගිනි ගෙන විනාශ වී ඇතැයි දෙයියන්දර පොලිසිය පවසයි. ඊයේ (02) අලුයම ගිනි ගැනීම සිදුවන්නට ඇතැයි පොලිසිය සැක කරන අතර දෙයියන්දර පොලිසියේ හා මාතර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න සම්පූර්ණයෙන් මැඩපැවැත්වීමට අවශ්‍ය කටයුතු යොදා තිබුණි.

එම ගිනි ගැනීම හේතුවෙන් රුපියල් ලක්ෂ 10ක පමණ අලාභයක් සිදුවී ඇති බවත් ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවත් දෙයියන්දර පොලිසිය පවසා සිටී.

තමරසිරි විජේසේකර දෙයියන්දර සමූහ,යුවන්ත නෙත්සර මුලටියන විශේෂ

නව අදහස දක්වන්න