ඇඳිරි නීති සමයේ භාණ්ඩ සැඟවූ 60කට නඩු | දිනමිණ


 

ඇඳිරි නීති සමයේ භාණ්ඩ සැඟවූ 60කට නඩු

කොරෝනා වෛරසය පැතිර යෑම වැළැක්වීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළට අනුව දිවයින පුරා පනවන ලද පොලිස් ඇඳිරි නීතිය ඉවත් කරන අවස්ථාවල භාණ්ඩ සඟවන හා වැඩි මිල ගණන්වලට භාණ්ඩ අලෙවි කරන මාතර දිස්ත්‍රික්කයේ වෙළෙඳුන් සොයා දිගින් දිගටම වැටලීම් සිදු කරන බව පාරිභෝගික සේවා අධිකාරියේ මාතර දිස්ත්‍රික් කාර්යාලය පවසයි.

ඒ යටතේ පසුගිය දිනවල සිදු කරන ලද වැටලීම්වලදී පාරිභෝගික නීති උල්ලංඝනය කළ මාතර දිස්ත්‍රික්කයේ වෙළෙඳුන් හැටදෙනකුට (60) විරුද්ධව නඩු පැවරූ බව පාරිභෝගික සේවා අධිකාරියේ මාතර දිස්ත්‍රික් කාර්යාලයීය ප්‍රකාශකයකු පැවසීය.

ජයසිරි පේදුරුආරච්චි ගන්දර සමූහ

නව අදහස දක්වන්න