ආයුර්වේදයෙන් වෛරසයට විසඳුම් | දිනමිණ


 

ආයුර්වේදයෙන් වෛරසයට විසඳුම්

නීතිඥ සාගලා අභයවික්‍රම
සභාපතිනී ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව

වසර දහස් ගණනක ඉතිහාසයක් ඇති ආයුර්වේදයේ සුවය නංවන ආහාර වට්ටෝරු නවීකරණයත් සමඟ පෑල දොරින් පලා ‍ගොස් තිබුණ ද නව කොරෝනා වෛරසයත් සමඟ යළි එහි අගය දැනෙන්නට පටන් ගෙන ඇත. පසුගිය දින දේශීය ඔසුසල් මෙන්ම සුපිරි වෙළෙඳ සල් ද ඉඟුරු ,කොත්තමල්ලි, පෙරුම්කායම් , කහ වැනි දේශීය ඔසු සහ කුළුබඩුවලින් හිස් වූයේ

දවසට දෙකටය. ඒ ආකාරයට අපේ දෙයෙහි අගය අපට වඩාත් හොඳින් දැනෙන සමයක අප කතා බස් කළ යුතුම චරිතයක් නම් ශ්‍රී ලංකා ඔෟෂධ සංස්ථාවේ සභාපතිනිය, නීතිඥ සාගලා අභයවික්‍රම මහත්මියයි.

* බටහිර වෛද්‍ය විද්‍යාවේ මහ ගෙදරටත් කාෙරා්නා වෛරසය තර්ජනයක්වී තිබියදී දේශීය සහ අායුර්වේද ක්‍රම මඟින් ජනතා සුවෙසත උදෙසා මෙි වනවිට සංස්ථාවේ සභාපතිනිය ලෙස ඔබ අරෙගන අැති පියවර මොනවද?

බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව වෛරස් මර්දනයට පිළියමක් නැහැ. අපි කරන්නෙ මෙවැනි අවස්ථාවක රෝගියාගේ ප්‍රතිශක්තිය ඉහළ නංවා ලීමයි.

ප්‍රතිශක්තිය වඩන ඔසු අතර ඉඟුරු - කොත්තමල්ලි වි⁣⁣ෂේශයි.

රත කල්කය වඩා ප්‍රසිද්ධ කුඩා දරුවන් ලෙඩ වලින් ආරක්ෂා කරන ඔසුවක් ලෙසයි. එයත් මේ වගේ අවස්ථාවක බාල මහලු බේදයකින් තොරව ලබා ගත යුතු ඖෂධයක්. ඊට අමතරව නවරත්න , බුද්ධරාජ වැනි කල්ක ඉතා ප්‍රයෝජනවත් නිසා වැඩිපුර නිශ්පාදනය කරනවා. තුනපහ මෙවැනි රෝගයකින් අාරක්ෂා වීෙම්දී නිරන්තරව අාහාරයට එක්කර ගතයුතුයි. සංස්ථාවෙන් තුන පහ පැකැට් නිපදවීමට පටන් ගත්තෙ එ් නිසයි. රසකිඳ, ඉඟුරු, කොත්තමල්ලි, කිරාට, අතිවිඩයන්, රත්හඳුන් වැනි තවත් සුවිෙශ්ෂී ආයුර්වේද ඔසු රැසක් මිශ්‍ර කරලා අප කෂාය, චූර්ණ නිපදවා තිබෙනවා.

වෛරසය සමඟ සටන් කර දිනීමට පුද්ගල ප්‍රතිශක්තිය ඉහළ නැංවීමට අප මෙි වනවිට ඖෂධ රැසක් නිපදවා තිබෙනවා

*පුද්ගල ප්‍රතිශක්තිය නංවාලීම වගේම විෂබීජ හරණයත් වැදගත් නේද ?

ඔව්. එ සඳහා අප විෂේශ ක්‍රියාමාර්ග රැගෙන තිබෙනවා. අපිරිසුදු වාතය පිරිසුදු කිරීමට කොවිඩ් - 19 නමින්ම අප නව දුමායනයක් නිපදවා තිබෙනවා. හල්දුම්මිල්ල, කුරුඳු, මදුරුතලා, කොහොඹ, පැඟිරි මානා, වදකහ, දෙහි කොළ, අගිල් වැනි ඔෟෂධ රැසක් මෙි සඳහා යොදාගෙන තිබෙනවා. සුරාබදු දෙපාර්තෙම්න්තුවෙත් සහය ඇතිව ඇල්කොහොල් ලබාගෙන කෝමාරිකා යුෂ හා අැල්කොහොල් වැඩි සාන්ද්‍රණයකින් යුතු දෑත් සෝදන ජෙල් වෙළෙඳ පොළට හඳුන්වා දෙමින් සිටිනවා. වෙනිවැල්ගැට බොඩි වොෂ් එකත් හොඳ විකල්පයක්.

*ඇඳිරි නීතිය පවතින මොහොතක නව නිෂ්පාදන හඳුන්වා දෙමින් තිබෙන නිෂ්පාදන වැඩි කරමින් කටයුතු කිරීමේ අභියෝගයට මුහුණදෙන්නේ කෙසේ ද ?

කාර්ය මණඩලය තුන්සිය පනහක් පමණ වන සංස්ථාවේ සේවකයන් තිහක් හතළිහක් යොදාන අමාරුවෙන් තමයි සේවය පවත්වා ගෙන යන්නේ . ප්‍රධාන වෛද්‍ය නිලධාරී දමයන්ති කොඩිකාර, වෛද්‍ය නිල්මිණී, වෛද්‍ය ක්‍රිෂාන්ති, වෛද්‍ය පුෂ්පිකා, වෛද්‍ය ප්‍රමෝදිනී සාමාන්‍යාධීකාරී අර්ජුන චන්ද්‍රෙස්කර උපරිම කැපවීමකින් සහාය වෙනවා. රියැදුරු මහතුන් රිය පැදවීමට අමතරව නිෂ්පාදන කටයුතුවලටත් උදව් කරනවා. අාරක්ෂක නිලධාරීන් පවා වැඩවලට දායක වෙනවා. තමන්ට අදාළ වෘත්තියට පමණක් සීමා නොවී සාමූහිකව කණ්ඩායම් හැඟීමෙන් කටයුතු කරනවා.

ඉඟුරු කපන යන්ත්‍රය නවීකරණය කළ මංජුලගෙ අැඟිල්ල කැපිලත් අත බෙල්ලෙ එල්ලගෙන වැඩ කරනවා. එ්ත් මේ අතරෙ අපේම සමහරු බාධා කරනවා. මං සේවකයන් ගෙන්වන්නේ එයාලා එක්ක කතා කරලා එන්න කැමැතිනම් විතරයි.සේවකයන් බලෙන් ගෙන්වනවා කියලා සමහරු චෝදනා කරනවා. එත් මේ වෙද්දිත් සෞඛ්‍ය සේවය අත්‍යවශ්‍ය සේවයක්. එහෙම කතා ගොතන අයට එ්ක අමතකයි .

තවත් අය මං ෂැම්පු, බොඩි වොෂ් විකුණනවා කියනවා. එ්ත් මේ වෙලාවෙ හදන්නෙ කාෙරා්නා ⁣වෛරසය නසන්න ගන්න අායුර්වේද හා දේශීය ඔසු පමණයි.

තවත් අභියෝගයක් නම් සංස්ථාවෙ සේවයට එන සේවක මහත්ම මහත්මීන්ට පොලිසියෙන් සිදුවන බාධා . සංස්ථාවට තියෙන්නෙ වාහන හයයි . හැටමා්ම වාහනෙන් ⁣ගෙන්න ගන්න අපට පහසුකම් නැහැ. සමහර සේවකයන්ට සංස්ථාවෙ සේවය කරන බව ඔප්පු කරන්න තියෙන්නෙ සංස්ථා ටී ෂර්ටයයි අායතනයෙ සේවය කරන බවට ලබා දුන් ලියමනයි. පොලිසිය එ්වා පිළි නොගන්නා අවස්ථා තියනවා.

සටහන - චමිපිකා දීපානි රණසිංහ


නව අදහස දක්වන්න