මුඛ ආවරණ මිලියන 2ක් නිෂ්පාදනය කිරීමට කටයුතු ආරම්භ කර තිබේ | දිනමිණ


 

මුඛ ආවරණ මිලියන 2ක් නිෂ්පාදනය කිරීමට කටයුතු ආරම්භ කර තිබේ

ශ්‍රී ලංකා ඇඟළුම් අපනයනකරුවන්ගේ සංගමය

කොවිඩ් 19 සටන වෙනුවෙන් සෞඛ්‍ය බලධාරීන්ට සහාය දීම වෙනුවෙන් මුඛ ආවරණ මිලියන 2ක් නිෂ්පාදනය කිරීමට ශ්‍රී ලංකා ඇඟළුම් අපනයනකරුවන්ගේ සංගමය කටයුතු ආරම්භ කර තිබේ. මෙය ශ්‍රී ලංකා ඇඟළුම් අපනයනකරුවන්ගේ සංගමයේ පූර්ණ දායකත්වයෙන් ලබා දී ඇති අතර ඇඟළුම් කම්හල් 20ක් මේ කටයුත්තට නොමිලේම සිය දායකත්වය ලබා දී ඇත.

ඡායාරූපයේ දැක්වෙන්නේ ශ්‍රී ලංකා ඇඟළුම් අපනයනකරුවන්ගේ සංගමයේ සභාපති රෙහාන් ලඛානි මහතා (දකුණේ) විසින් ඖෂධ සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන (වමේ) වෙත මෙම මුඛ ආවරණවල මුල් තොගය ඖෂධ සංස්ථා මූලස්ථානයේ දී භාරදුන් අවස්ථාවයි.

ඔමේගාලයින් කළමනාකාර අධ්‍යක්ෂ ෆෙලික්ස් ප්‍රනාන්දු මහතා (දකුණේ) සහ එස්කිමෝ ෆැෂන්ස් ප්‍රධාන විධායක නිලධාරී ඉන්දික ලියනහේවගේ මහතා (වමේ) ද ඡායාරූපයේ සිටිති.

මෙම වැඩසටහන ක්‍රියාත්මක කළේ වියත් මඟ විසිනි.

නව අදහස දක්වන්න