ලේක්හවුස් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආචාර්ය රංජිත් ඇල්. අබේවික්‍රම දිවි සැරියෙන් සමු ගනී | දිනමිණ


 

ලේක්හවුස් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආචාර්ය රංජිත් ඇල්. අබේවික්‍රම දිවි සැරියෙන් සමු ගනී

ලේක්හවුස් ආයතනයේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී, ආචාර්ය රංජිත් ඇල්. අබේවික්‍රම (75) මහතා ඊයේ (02) අභාවප්‍රාප්ත විය.

ලේක්හවුස් ආයතනයේ වසර ගණනාවක් සේවය කළ ඒ මහතා, දිනමිණ පුවත්පතේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු ලෙස කටයුතු කළ අතර සිළුමිණ පුවත්පතේ සමකර්තෘවරයකු ලෙස ද සේවය කළේය.

සරසවිය පුවත්පතේ පිටු සැකසුම් අංශයේ සේවය නියුතු චක්ෂු අබේවික්‍රම මහතාගේ පියාණන් වූ රංජිත් ඇල්. අබේවික්‍රම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (03) පෙරවරු 10 ට ගල්කිස්ස පොදු සුසාන භූමියේ දී සිදු කෙරේ. ඒ මහතාගේ අභාවය පිළිබඳ දිනමිණ කර්තෘ මණ්ඩලයේ ශෝකය මෙසේ පළ කර සිටිමු.

 

නව අදහස දක්වන්න