ලංකාවේ කොරෝනා පාලන වැඩපිළිවෙළ ඇමෙරිකාවටත් වඩා විශිෂ්ටයි | දිනමිණ


 

ලංකාවේ කොරෝනා පාලන වැඩපිළිවෙළ ඇමෙරිකාවටත් වඩා විශිෂ්ටයි

මහින්ද අලුත්ගෙදර

ඇමෙරිකාවේ සිටින ලාංකිකයන්ගෙන් පැසසුම්

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා ශී‍්‍ර ලංකාව කි‍්‍රයාත්මක කර ඇති වැඩපිළිවෙළ අමෙරිකාව කි‍්‍රයාත්මක කර ඇති වැඩපිළිවෙළට සාපේක්ෂව ඉහළ මට්ටමක පවතින බව ඇමෙරිකාවේ වෙසෙන ශී‍්‍ර ලාංකිකයින් ප්‍රකාශ කරයි.

සවුත් කැරොලිනා හි රොක්හිල් - හෙල්ත්සවුත් රෝහල් සමූහයේ අධ්‍යක්ෂවරියක වන විශේෂඥ වෛද්‍ය මාලිකා ජයසූරිය මහත්මිය අඳහස් දකවමින් වෛරස පාලනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින බව සඳහන් කර ඇත.

මෙම වෛරසය ආසාදනය වීම වැළැක්වීම වෙනුවෙන් ශ්‍රී ලංකාව සාධනීය පියවර රැසක් ගෙන තිබෙන බව ද මෙරට ජනතාවගේ උනන්දුව තිබෙන්නේ නම් මේ තත්ත්වය වළක්වා ගත හැකි බව ද ඇය පෙන්වා දෙයි.

විශේෂඥ වෛද්‍ය මාලිකා ජයසූරිය මහත්මිය රොක්හිල් - හෙල්ත්සවුත් රෝහල අමෙරිකාවේ හොඳම පුනරුත්ථාපන රෝහල බවට පත්කිරීම සඳහා මූලිකත්වය ගත් වෛද්‍යවරියක ලෙස ප‍්‍රසාදයට පත්ව සිටින්නීය.

නව අදහස දක්වන්න