හතරකට එකවර කෘත‍්‍රිම ශ්වසනය දිය හැකි වෙන්ටිලේටරයක් | දිනමිණ


 

හතරකට එකවර කෘත‍්‍රිම ශ්වසනය දිය හැකි වෙන්ටිලේටරයක්

මෙරට හෙද නිලධාරියකුගේ නිර්මාණයක්

සිවු දෙනකුට එක්වර කෘත‍්‍රීම ශ්වසනය ලබා දිය හැකි නවතම වෙන්ටිලේටර් යන්ත‍්‍රයක් නිර්මාණය කිරීමට මෙරට හෙද නිලධාරියකු සමත් වෙයි.

මහනුවර මහ රෝහලේ හෘද ශල්‍ය දැඩිසත්කාර ඒකකයේ හෙද නිලධාරි බිහාන් හපුතන්ත‍්‍රී මහතා මෙම නිර්මාණය සිදු කර ඇති අතර සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මියට එම යන්ත‍්‍රය හඳුන්වා දීම ඊයේ

(02* සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සිදුකෙරිණ. කොරෝනා වෛරසය ලොව

පුරා ව්‍යාප්ත වීමත් සමඟ ඖෂධ වර්ග මෙන්ම වෛද්‍ය උපකරණ අ ̈‍තින් නිර්මාණය කරන අතර මෙරට පුද්ගලයකු ද මෙවැනි නිර්මාණයක් සිදු කිරීම අගනා කටයුත්තක් බව රජයේ අදහස වේ.

කොරෝනා වෛරසය ආසාදිතයන්ගේ පෙනහ ̈‍ක‍්‍රියාකාරීත්වය අක‍්‍රීය වීම හේතුවෙන් කෘත‍්‍රිම ශ්වසන යන්ත‍්‍ර යොදා ගෙන ප‍්‍රතිකාර සේවාවන් සිදු කළ යුතු වුවත් ප‍්‍රමාණවත් තරම් කෘත‍්‍රිම ශ්වසන යන්ත‍්‍ර නොමැති වීම නිසා විදේශ රටවල

ජනතාවගේ ජීවිත අහිමි වීමට හේතු වී ඇති බව හෙද නිලධාරි හපුතන්ත‍්‍රී මහතා පෙන්වා දෙයි.

රුපියල් ලක්ෂ 40 ක් පමණ වන මෙම කෘත‍්‍රිම ස්වසන යන්ත‍්‍ර ශ‍්‍රී ලංකාව තුළ 500 ක පමණ ප‍්‍රමාණයක් තිබුණත් කොරෝනා රෝගීන් සඳහා ඒවායින් ප‍්‍රයෝජනයට ගත හැකි වන්නේ යන්ත‍්‍ර 300 ක් වැනි ප‍්‍රමාණයකි.

ඔහුගේ නව නිර්මාණය අනුව එක් කෘත‍්‍රිම ස්වසන යන්ත‍්‍රයකින් රෝග ීන්ට විෂ බීජ පැතිර නොයන පරිදි රෝගීන් 04 කට කෘත‍්‍රිම ශ්වසනය එකවර ලබා දිය හැකිය.ඒ නිසා දැනට රෝහල්වල තිබෙන 500 ක් වන කෘත‍්‍රිම ස්වසන යන්ත‍්‍ර සංඛ්‍යාවෙන් ලබාදෙන සේවාව 2000 දක්වා ඉහළ නැංවිය හැකි බව හපුතන්ත‍්‍රී මහතා පෙන්වා දෙයි.

මෙරට හදිසි තත්ත්වයකදී මෙම ක‍්‍රමවේදය මඟින් රෝග ීන්ට ඔක්සිජන් ලබාදීමට විශාල පහසුවක් වන බවත් මෙම නව නිර්මාණය නිසා රජයට විශාල මුදලක් ඉතිරි වන බවත් බිහාන් හපුතන්ත‍්‍රී මහතා සෞඛ්‍යඇමතිවරියට පැහැදිලි කළේය.

නව අදහස දක්වන්න