ඩොලරයේ අගය රුපියල් 193 ත් පනියි | දිනමිණ


 

ඩොලරයේ අගය රුපියල් 193 ත් පනියි

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ‍්‍රී ලංකා රුපියලේ විකුණුම් අගය තවත් පහත වැටුණි.

ඒ අනුව ශ‍්‍රී ලංකා මහ බැංකුවේ වාර්තා අනුව අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් අගය රුපියල් 193.75 ක් දක්වා පහත වැටී තිබේ.

ඊයේ දිනයේදීද, අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් අගය රුපියල් 192.80 ක් දක්වා පහත වැටුණි.

ආර්ථික විශ්ලේෂකයින් සඳහන් කළේ, නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග බලපා ඇති ආර්ථික අර්බුද තත්ත්වයන් හමුවේ ශ‍්‍රී ලංකා රුපියලේ විකුණුම් අගය මෙලෙස පහත වැටී ඇති බවයි.

 

නව අදහස දක්වන්න