රුසියාවෙන් වෙන්ටිලේටර ගන්න අමෙරිකාවේ කැමැත්ත | දිනමිණ


 

රුසියාවෙන් වෙන්ටිලේටර ගන්න අමෙරිකාවේ කැමැත්ත

කොවිඩ් 19 වසංගතයට මුහුණ දීමට අවශ්‍ය වෙන්ටිලේටර, වෛද්‍ය සැපැයුම් සහ අනෙකුත් පුද්ගලික ස්වස්ථතා සුරැකීමේ උපකරණ තොගයක් රුසියාවෙන් මිලදී ගැනීමට අමෙරිකාව කැමැත්ත පළකර ඇත. අමෙරිකාව මේ තීරණයට එළැඹ ඇත්තේ එරට ජනාධිපති ට්‍රම්ප් රුසියානු නායක පුටින් සමඟ පැවැත් වූ දුරකථන සංවාදයකින් අනතුරුවය.

මේ භාණ්ඩ තොගය අප්‍රේල් 01 වැනිදා නිව්යෝර්ක් නුවර ෆෙමා නම් ආයතනයට භාර දුන් බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකා මෝගන් ඕටගස් කීවාය. අතීතයේ ද අර්බුද පැන නැඟුණු විට දෙරට එකිනෙකාට උදව් කළ බවත් අනාගතයේ දී ද එසේ කරන බවත් ඇය වැඩිදුරටත් කීවාය. අප සියලු දෙනාගේ ජීවිතවලට තර්ජනයක් වී ඇති පොදු සතුරා පරාජය කිරීමට සියලු දෙනා එක්වී කටයුතු කළ යුතු යැයි ද මෝර්ගන් වැඩිදුරටත් කීවාය.

නව අදහස දක්වන්න