අවුන්සාන් සුකී ෆේස්බුක් ගිණුමක් අරඹයි | දිනමිණ


 

අවුන්සාන් සුකී ෆේස්බුක් ගිණුමක් අරඹයි

මියෙන්මාරයේ නායිකා අවුන්සාන් සුකී අලුතෙන්ම ෆේස්බුක් ගිණුමක් ආරම්භ කර තිබේ. කොරෝනා වසංගතය නිසා ඇතිවී තිබෙන තත්ත්වය තුළ වේගවත්ව සහ ඵලදායී ලෙස සන්නිවේදනය සිදු කිරීම සඳහා තමන් මෙම පියවර ගත් බව ඇය තම ගිණුමේ සටහන් කර තිබේ.

සමාජ මාධ්‍ය වෙත ප්‍රවේශ වීමට තමන් කළින් අකැමැතිව සිටි බව ඇය කියා තිබෙන අතර පැය කිහිපයක් ඇතුළත ලයික් 310,000ක් එයට හිමි වී තිබේ. සුකීගේ මුහුණු පොත් අඩවියට අනුගාමිකයින් ලක්ෂ 7ක් සිටින බව ෆේස්බුක් සමාගමේ විගණනවලින් අනාවරණය වී තිබේ

නව අදහස දක්වන්න