කොරෝනාවලින් මිය යන පිරිස පනස් දහස ඉක්මවනවා | දිනමිණ


 

කොරෝනාවලින් මිය යන පිරිස පනස් දහස ඉක්මවනවා

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ටෙඩ්‍රෝස්

ඉතාම නුදුරු දිනයකදී කොරෝනා වෛරසය ආසාදනය වන පිරිස දස ලක්ෂය ඉක්මවන බවත් එයින් මිය යන පිරිස පනස් දහස ඉක්මවනු ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ටෙඩ්‍රෝස් ඇඩනොම් ගෙබ්‍රෙයේසුස් කීවේය. ඔහු මේ බව ප්‍රකාශ කළේ කොරෝනා වසංගතය ගැන ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

වේගයෙන් සිදුවන මේ රෝගයේ ව්‍යාප්තිය ගැන තමන් විශේෂ අවධානයක් යොමු කොට ඇති බවද ඔහු මෙහිදී වැඩිදුරටත් කීවේය. ගෙවුණු සති පහක කාලය අතරතුර අලුතෙන් රෝගය ව්‍යාප්ත වීමේ වේගවත් වර්ධනයක් තමන් නිරීක්ෂණය කළ බවත් ලොව සෑම රටකම, සෑම ප්‍රදේශයකම පාහේ මේ රෝගය ව්‍යාප්ත වී ඇතැයි ද ඔහු කීවේය.

මීට මාස තුනකට පෙර ලෝකයේ කිසිවකුත් මේ රෝගය ගැන දැනගෙන නොසිටි බවත් තවමත් විද්‍යාඥයින් පවා මේ රෝගය ගැන කීමට හරියටම දන්නේ නැති බවත් ටෙඩ්‍රෝස් මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී වැඩිදුරටත් කීවේය.

 

නව අදහස දක්වන්න