ඊශ්‍රායලයේ සෞඛ්‍ය ඇමැති සහ බිරියටත් කොරෝනා | දිනමිණ


 

ඊශ්‍රායලයේ සෞඛ්‍ය ඇමැති සහ බිරියටත් කොරෝනා

ඊශ්‍රායලයේ සෞඛ්‍ය ඇමැති යාකොව් ලිට්ස්මන් සහ ඔහුගේ බිරිඳට කොරෝනා රෝගය වැළැඳී ඇතැයි පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කොට තිබේ. 71 හැවිරිදි ලිට්ස්මන් එම රෝගය වැළැඳුණු ඊශ්‍රායලයේ වඩාත් ජ්‍යේෂ්ඨතම දේශපාලනඥයා වෙයි.

ඒ දෙදෙනාටම සුදුසු පරිදි ප්‍රතිකාර ලබාදෙන අතර හුදෙකලාව සිටින බව වැඩිදුරටත් දැනගන්නට තිබේ. තම රටට ඇතුළු වන සියලු දෙනා දින 14ක කාලයකට ස්වයං නිරෝධානයේ නිරත විය යුතු බව එරට නියම කර ඇත.

 

නව අදහස දක්වන්න