කොරොනාවලට එරෙහි එන්නත් 2ක් ගැන ඕස්ට්‍රේලියාවේ පරීක්ෂණ | දිනමිණ

කොරොනාවලට එරෙහි එන්නත් 2ක් ගැන ඕස්ට්‍රේලියාවේ පරීක්ෂණ

කොරොනා වෛරසයට සාර්ථකව මුහුණ දිය හැකි එන්නත් දෙකක් ගැන ඕස්ට්‍රේලියාවේ විද්‍යාඥයින් පිරිසක් පරීක්ෂණ අරඹා ඇත. ඔක්ස්ෆර්ඩ් සරසවිය සහ අමෙරිකානු සමාගමක් එක්වී සිදුකරන මේ පර්යේෂණ සතුන් සම්බන්ධයෙන් සාර්ථකත්වයට පත් වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි.

මෙම එන්නතේ ක්‍රියාකාරිත්වය ගැනත් එය මනුෂ්‍යයන්ට සාර්ථක වේ ද යන්නත් ගැන ඕස්ට්‍රේලියානු ජාතික විද්‍යා නියෝජිතායතනය තක්සේරු කරමින් පසුවන බව වැඩිදුරටත් දැනගන්නට ඇත. මෙය මනුෂ්‍යයා සඳහා සුදුසු ද යන්න සෙවීමේ පරීක්ෂණ අමෙරිකාවේ දී මීට මාසයකට පෙර ආරම්භ කර ඇතැයි ද වාර්තාවේ. කොරෝනා රෝගය සඳහා ප්‍රතිකාර කිරීමේ තවත් පර්යේෂණ ලොව පුරා ශීඝ්‍රයෙන් සිදු කෙරෙන බව ද දැනගන්නට තිබේ.

නව අදහස දක්වන්න