රවී ශාස්ත්‍රි කොරෝනාට හොඳ කියයි | දිනමිණ

රවී ශාස්ත්‍රි කොරෝනාට හොඳ කියයි

කොරෝනා වෛරසය හේතුවෙන් ක්‍රීඩාවටද විවේකයක් ලැබී තිබේ. මේ නිසා ජාත්‍යන්තර මෙන්ම රට රටවල දේශීය ක්‍රිකට් තරගාවලිද නතර කර ඇති අතර එලෙස සිදුවීම තම ක්‍රීඩකයන්ට ලැබුණු ඵලදායී විවේක කාලයක් බව ඉන්දීය ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු රවී ශාස්ත්‍රි මහතා පවසයි. දීර්ඝ තරග සංචාරයකට එක්වීමෙන් පසු තම ක්‍රීඩකයන් දැඩි වෙහෙසකට පත්ව සිටි බව සාකච්ඡාවකට එක්වෙමින් ශාස්ත්‍රි මහතා පවසා ඇත.

නවසීලන්තයේ තරග සංචාරයකට එක්වූ ඉන්දියාව එහිදී විස්සයි 20 තරග 5ක්, එක්දින තරග 3ක් සහ ටෙස්ට් තරග 2කින් සමන්විත තරගාවලියකට ක්‍රීඩාකර තිබිණි. ඉන් පෙර ඔවුන් එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව් සහ දකුණු අප්‍රිකාව සමග තරගාවලි රැසකට එක්ව තිබිණි.

කොරෝනා වෛරසය හේතුවෙන් සියලු තරග අවලංගු කරද්දී ඉන්දියාවේදී පසුගිය මස 29 වැනිදා ආරම්භවීමට දැවැන්තම විස්සයි 20 තරගාවලිය වන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය මුලින් ප්‍රේක්ෂකයන් නොමැතිව පැවැත්වීමටත්, පසුව මේ මස 15 වැනිදා දක්වා කල් දැමීමටත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කළේය. එහෙත් කොරෝනා පැතිර යෑමේ තත්ත්වය වැඩිවීමත් සමග ඉන්දීය රජය දින 21ක් එරට වසා දමමින් නිරෝධායන කාලයක් ප්‍රකාශයට පත්කර තිබීම හේතුවෙන් අයි.පී.එල්. තරගාවලිය පැවැත්වීම පිළිබඳ ගැටලු මතුව තිබේ.

 

 

නව අදහස දක්වන්න