සිරිපා අඩවියෙන් සිව් මහා ගංගාවන්ට පිරිත් පැන් | දිනමිණ


 

සිරිපා අඩවියෙන් සිව් මහා ගංගාවන්ට පිරිත් පැන්

රත්නපුර ලසන්ත නිරෝෂණ රටටම ආශීර්වාදයක් පිණිස ශ්‍රීපාද පත්මය දෝවනය කරන සුවඳ පැන් දිනපතාම සිව් මහා ගංගාවන් වන කැළණි, කළු, මහවැලි සහ වළවේ ගංගාවන්ට මුසු කිරීම ආරම්භ කළ බව ශ්‍රීපාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියෝ පැවසූහ.

සමනළ අඩවියෙන් ආරම්භ වන එම සිව් මහා ගංගාවන් රටේ සතර දෙසට ගලායන බවද ශ්‍රීපාදස්ථානාධිපති නාහිමියෝ පසුගියදා පැල්මඩුල්ල පුරාණ රාජමහා විහාරස්ථානයේ පැවති මාධ්‍ය සාසාකච්ඡාවේදී පැවසූහ. කොරෝනා වසංගතය නිසා රටපුරා ඇතිවී තිබෙන භීතිය තුරන් කිරීමට තෙරුවනගේ ආශිර්වාදය ලබා දීමට සිරිපා වාරය පැවත්වෙන තෙක් දිනපතාම මෙම කටයුත්ත සිදුකරන බවද උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.

පැල්මඩුල්ල පුරාණ රාජමහා විහාරස්ථානයේ දී ද මීට සමගාමීව ආශිර්වාද පිරිත් පින්කමක්ද ආරම්භ කර තිබේ. රටේ පාලනාධිකාරිය රාජ්‍ය සේවය සම්බන්ධිකරණය කරමින් මේ අවස්ථාවේදී සිදුකරන මෙහෙවර ඉතාම වට්නා අගය කළයුතු දෙයක් බවත් රට වැසියන්ගේ යුතුකම සහ වගකීම වෙන්නේ රජයට සහාය දී නිවෙස්වල රැඳී සිටීම බවත් ශ්‍රීපාදස්ථානාධිපති නාහිමියෝ පැවසූහ.

 

නව අදහස දක්වන්න