කතරගම අඩු ආදායම්ලාභීන් වෙත වියළි ආහාර ද්‍රව්‍ය ලබාදේ | දිනමිණ


 

කතරගම අඩු ආදායම්ලාභීන් වෙත වියළි ආහාර ද්‍රව්‍ය ලබාදේ

රටේ පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ වන්දනාකරුවන්ගේ පැමිණීම නතරවීම මුල් කර ගෙන කතරගම ජන ජීවිතය උඩු යටකුරු වෙමින් පවති.

සීයට අනුවක් පමණ වන්දනා කරුවන්ට සේවා හා භාණ්ඩ සපයා දිවි ගෙවු කතරගම ජනයා මේ දිනවල ආර්ථික අහේනියකට පත්ව පවති.

මෙම තත්ත්වය නිසා අඩු ආදායම්ලාභීන් වෙත වියළි ආහාර ද්‍රව්‍ය ලබා දීමට කතරගම දේවාලයේ කපු මහතුන් හා කතරගම පොලිසිය එක්ව විශේෂ සමාජි සද්කාර සේවයක් ආරම්භ කර තිබේ.

මේ අනුව කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතා වන සොමීපාල ටී. රත්නයාක මහතා ප්‍රමුඛ කපු මණ්ඩලය විසින් ද කතරගම පොලිසි ස්ථානාධිපති උපුල් ලියනගම මහතා ප්‍රමුඛ පොලිස් නිලධාරීන්ද වෙන් වෙන්ව කතරගම ජනයාට වියළි ආහාර ද්‍රව්‍ය ප්‍රදානය කරනු ලැබීය.

කතරගම සංචාරක කේ. ඩී. දේවප්‍රිය 

නව අදහස දක්වන්න