මහනුවරට කොරෝනා මර්දන මෙහෙයුම් කාර්යාලයක් | දිනමිණ


 

මහනුවරට කොරෝනා මර්දන මෙහෙයුම් කාර්යාලයක්

මධ්‍යම පළාත තුළ කොරෝනා උවදුර මර්දනය කිරීමේ වැඩපිළිවෙළ ක්‍රමවත්ම සිදු කිරීම පිණිස කොරෝනා මර්දන මෙහෙයුම් කාර්යාලයක් පෙරේදා (02) මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී විවෘත කෙරිණි.

මෙම කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ, මහනුවර දිසාපති තිස්ස කරුණාරත්න, පළාත් ප්‍රධාන ලේකම් කුමුදු කරුණාරත්න, නියෝජ්‍ය පොලිස්පති ඩී.ආර්.එල්. රණවීර යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

එස්.ජී. විජේරත්න-කටුගස්තොට සමූහ

නව අදහස දක්වන්න