අයහපත් සෞඛ්‍ය තත්වයක් ඇත්නම් වහාම වෛද්‍යවරයකු හමුවන්න | දිනමිණ


 

අයහපත් සෞඛ්‍ය තත්වයක් ඇත්නම් වහාම වෛද්‍යවරයකු හමුවන්න

කොරෝනා වෛයිරසයෙන් දෙවෙනි මරණයත් අප රටතුල සිදුවුණා. යම් හෝ අයහපත් සෞඛ්‍ය තත්වයක් ඇත්නම් නම් වහාම වෛද්‍යවරයකු හමුවන්න ,තැනින් තැන ඇවිදින්න එපා කියා ලංකා වාසි සියළුම ජනතාවගෙන් මහා සංඝ රත්නය ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා. යැයි අනුරාධපුර ශ්‍රී සාරානන්ද පරිවේනාධිපති රාජකීය පණ්ඩිත උඩුගබ්බල ඤාණාලෝක නායක හිමිපාණන් පවසති.

උන් වහන්සේ වැඩි දුරටත් මෙසේද කිහ.

ජනාධිපතිතුමා ,අගමැතිතුමා, ආරක්ෂක සේනා රණවිරුවන් ,සෞඛ්‍ය සේවා සියළුම දෙනා ,රාජ්‍ය නිළධාරීන් ඇතුළු විශාල පිරිසක් පැය විසිහතර පුරාවට ජනතාව වෙනුවෙන් කරන කැප කිරිම පිලිබදව ජනතාව සිතන්න ඕන. ගමින් ගමට ගෙවල් ගානේ යාමෙන් මහාම අද සිට වත් නතර කරන්න. අද වන තෙක් වරදක් සේ නොසලකා මේ වැරදි කරත් මින් පසු ඒ රාජකාරි කරන උදවියට සහයෝගය ලබා දෙන්න. මුළු ලෝකය පිලිබදව ඇහෙන කථා ඔබ අපි දන්නවා.

හදිසියේවත් මේ විදියට සෞඛ්‍ය සේවයේ අය වෛද්‍ය වරුන් නීරෝධානයට ලක් කිරීමට වුනොත් අපට බේත් ටිකක් වත් දෙන්නේ කව්ද කියා සිතන්න.හදිසියේ වත් මියදුනොත් මරණය ගෙන යාමට වත් කෙනෙක් නැති වේවි. මේ භයානක තත්වය තේරුම් ගන්න.අපේ රටේ සියළුම දෙනා මේ සදහා සහයෝගය ලබා දී අපේම ජනතාව සහ රට බේරා ගනිමු.කව්රුත් අද සිට දින 15 ක් ගෙදරටම වී සිටින්න අදිටන් කර ගමු. ගෙදර කට්ටිය එකතු වෙලා ගෙවත්ත තුල එලවළු පළතුරු හදන්න .හැම විටම දෑත් සබන්ගා හොදින් හෝදන්න. ගෙදර අය වුනත් වෙනදා මෙන් නැතිව දුර පිලිබදව සිතා ඒ අනුව ජීවත් වන්න.අපි පරිස්සම් වී ඉදිරි ආහාර අර්බුදයට මුහුණ දීමට වගා කටයුතු සිදුකරමු. ඔබ සැමටම මේ පින් කම් දෙකටම සහභාගී වෙන්න පුළුවන්. මහා සංඝ රත්නය හැටියට අපි ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා මේ වෛයිරසය බෝ වීම වැළැක්විමට ගත හැකි සහයෝගය අපි ලබාදෙමු කියා.ඔබ සියළු දෙනාටම ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ගේ පිහිට තුනුරුවන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා.

සටහන හා ඡායාරූප @ චිත්‍රාරත්න කළුආරච්චි හිදෝගම සමූහ

නව අදහස දක්වන්න