කොරෝනා මඬින්න දේශපාලනඥයන් දායක වන්න මහා සංඝ රත්නයත් දායක වෙනවා | දිනමිණ


 

කොරෝනා මඬින්න දේශපාලනඥයන් දායක වන්න මහා සංඝ රත්නයත් දායක වෙනවා

පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරුන් රාජ්‍ය ඇමතිවරුන්, ඇමතිවරුන් සහ ඉදිරියට ඡන්දේ ඉල්ලන සියලුම දෙනා එක් අයෙකු රුපියල් ලක්ෂය බැගින් ජනාධිපති සෞඛ්‍ය ආරක්ෂණ අරමුදලට මුදල් දුන්නොත් අපි මහා සංඝ රත්නය හැටියට ශාෂණාරක්ෂක බළ මණ්ඩලය එකුතුවී එම ගිණුමට අපිත් මුදල් බැර කරනවා. යැයි මිහින්තලා රජ මහා විහාරාධිපති හා භාරකාර ආචාර්ය වළවාහැංගුණවැවේ ධම්මරතන නායක හිමි පාණන් පවසති.

කෙරෝනා වෛයිරසය පිළිබදව රජයට සහාය දීමට කළ හැකි පිලිවෙල පිළිබදව අදහස් දක්වමින් උන්වහන්සේ මෙසේද කීහ .

සතා සිව්පාවුන්ට හැමදාම කලේ කරදර. ඒ ඉදිරියේ දැන් අපි නිවෙස් ඇතුලට දාලා වහලා.ස්වභාවධර්මයා දඩුවම් ලබා දී තිබෙනවා. එය තේරුම් ගන්න ඕන. ස්වභාවධර්මයා විසින් ලෝකයම තුලනය කර තිබෙනවා. මේ ලෝකය විනාශ වන බව එදා බුදුරජාණන් වහන්සේ විසින් දේශණා කළා. සුර්ය හත්දෙනෙකුගේ රශ්මය එන බව කීවා. අයිස් කදු දියවෙනවා කීවා. දහස් ගනන් බැක්ටිරියා ,දිලීර,වෛයිරස් මෙල්ල කරන්න බැරි වනවා. අකුසල කර්ම කරපු උදවිය ඔක්කොම මැරෙනවා. කුසල කර්ම කරපු උදවිය ඉතිරි වේවි. නැවත ලෝකය සුන්දර වේවි. මේ විපත්ති කාලය .

මේක තමයි අනිත්‍ය තාවය.මෙයට අපි ගොදුරු වේවි. හැමෝටම මානව දයාවෙන් කටයුතු කරන්න.ලෝකයේ බලවත් කියූ රටවල් වලට වඩා අපේ රටේ ඉන්න ජනාධිපතිතුමා ආරක්ෂක හමුදා රණවිරුවන්,අගමැතිතුමා, ඇමතිවරුන්, රාජ්‍ය නිළධාරීන් එක්ව ගෙන ඇති තීරණ තීන්දු මුළු ලෝකයම ආදර්ශයක් ලෙස ගෙන තිබෙනවා. අද රටේ පාර්ලිමේන්තුවක් නැහැ. ජනාධිපතිතුමා පෙන්වා දි තිබෙනවා දේශපාලනය නැතිව රාජ්‍ය නිළධාරීන් සහ ආරක්ෂක හමුදා සහායෙන් මේ රට පාලනය කල හැකි බව. එය ඔප්පු කර තිබෙනවා.

රටේ පාර්ලිමේන්තුව තියෙන අවස්ථාවට වඩා අද ශක්තිමත්ව ගෙන යන ක්‍රමවේදය සහ අනෙකුත් රටවල සමග බලනකොට අපි බොහෝම ඉදිරියෙන් සිටින බවත් කියන්න ඕන.රටේ ජනතාව කව්රුත් එකතුවෙලා ජනාධිපතිතුමා ශක්තිමත් කරන්න ඕන. මහා සංඝ රත්නයේ නාහිමි පාණන් වහන්සේලා ,ව්‍යාපාරිකයින් ,පරිත්‍යාගශීලීන් ආදර්ශ ලබා දෙමින් ජනාධිපතිතුමා ශක්තිමත් කිරීමට යම් යම් පරිත්‍යාග කර තිබෙනවා.

පාර්ලිමේන්තුවේ 225 පක්ෂ විපක්ෂ භේදයෙන් තොරව රුපියල් ලක්ෂය බැගින් ජනාධිපති තුමාගේ සෞක්‍ය ගිණුමට මුදල් බැර කරන්න.නාම යෝජනා දුන් අයත් පක්ෂ විපක්ෂ සියවම දෙනාත් රුපියල් ලක්ෂය බැගින් ඒ ගිණුමට මුදල් ලබා දෙන්න. එහෙම දුන්නොත් අපි මහා සංඝ රත්නය හැටියට ශාෂණාරක්ෂක බල මණ්ඩල එකතුවී අපිට පුළුවන් විදියට මුදල් ලබා දිමට සූදානම් .හැබැයි පාර්ලිමේන්තවේ සිටි 225 දෙනා මුදල් ලබා දීලා ආදර්ශයක් දෙන්න ඕන.මේ රෝගයමැඩලීමට උදව් කරන්න.

 

සටහන හා ඡායාරූප @ චිත්‍රාරත්න කළුආරච්චි හිදෝගම සමූහ

නව අදහස දක්වන්න