මේ ව්‍යවසනය පරාජය කිරීමට අපට ශක්තිය තිබෙන ජාතියක් | දිනමිණ


 

මේ ව්‍යවසනය පරාජය කිරීමට අපට ශක්තිය තිබෙන ජාතියක්

අපේ රටට විතරක් නොවෙයි මුළු ලෝකයටම බලපා තිබෙන මේ ව්‍යවසනය පරාජය කිරීමට අපට ශක්තිය තිබෙන ජාතියක් .ශ්‍රී ලංකා රාමඤ්ඤමහා නිකායේ උතුරු මැද පළාත් ප්‍රධාන සංඝ නායක ,ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යලයේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ,පුර්වාරාමාධිපති ,පොතානේ ධම්මානන්ද නාහිමි පාණන් පවසති.

කොරෝනා වෛයිරසය පිලිබදව අප පිළිපැදිය යුතු කාරනා පිලිබදව අදහස් දක්වමින් උන් වහන්සේ මෙසේද කීහ.

මුළු ලෝකයම මෙම අවස්ථාවේදී කුමන තීරණ ගත්තත් අපේ ආණ්ඩුව මේ වන විට ගෙන ඇති තීරණ ,සෞඛ්‍ය අංශ ගෙන ඇති පිලිවෙත් සහ ආරක්ෂක අංශ ගෙන ඇති තීන්දු තීරණ ඉතාම වටිනා දේවල්. අපි ඒ පිළිබදව ඒ ඇත්තන්ට ගෞරව කරන්න ඕන. අපේ ජනතාව ඒ වා පිලිපැද්දේ නැතිව යම් යම් පිරිස් කරගෙන ගිය අන්තනෝමතික වැඩ නිසා මෙම රෝගය වැඩි වි තිබෙන බව අපට පෙනී යනවා. බුදු රජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා රෝගී වීම,මරණය සිදුවීම කිසිම අයුරකින් වත් නතර කරන්න බැරි බව. නමුත් අපි පරිස්සම් විය යුතු බවද සදහන් වනවා.

අපිම තමයි ගොඩාක් වැරදි කරන්නේ. හමුදා පති තුමා, ආරක්ෂක අංශ වල අය ,ජනාධිපතිතුමා,අගමැතිතුමා,සෞඛ්‍ය ඇමතිතුමා,ඇතුළු රාජ්‍ය තාන්ත්‍රණයම මේ දිනවල මහත් වූ කැප කිරීමෙන් දිවා රෑ නොබලා මේ වැඩ කරන්නේ අපේ රටේ ජනතාව ගැන හිතලා.නමුත් අපි ඒ අයගේ මහන්සිය කැපකිරීම ගැන හිතනවාද ?බලන්න යුධ හමුදා පති තුමා ,නියෝජ්‍ය පොලිස් පති අජිත් රෝහණ මහතා,සෞඛ්‍ය ඇමතිතුමිය මොන තරම් දැන් මහන්සියෙන්ද ඉන්නේ කියලා හිතන්න ඕන.ඒ ඇත්තන්ගේ මුහුණු වලින් ඒ මහන්සිය පේනවා නේද.නමුත් අපි රාත්‍රියටත් උදේ පාන්දරත් දවල්ටත් හැම ප්‍රවෘත්ති සාකච්ඡාවකටමත් ඒ අය ගෙන් ප්‍රශ්ණ කිරීම් කරනවා. ඒ අයට තිබෙන වැඩ රාජකාරී අතර මෙවැනි විදියට මනස දුර්වල කරන මාධ්‍ය සාකච්ඡා වලටත් ඒ අය සම්බන්ධ කර ගැනීම එතරම් වටින්නේ නැහැ.

අපි මේ වේලාවේ ඒ අයට ඕනවට වැඩිය කරදර කරන්න නරකයි. ඒ අය අපි ආරක්ෂා කර ගන්න ඕන.ඒ උත්තමයන්ගේ රාජකාරී කරන්නටඉඩ දෙන්න. අපි හැමෝම අපේ යුතුකම වන සෞඛ්‍ය ආරක්ෂිත වැඩ පිලිවෙල ක්‍රියාත්මක කරමින් නිවෙස් වලටම වී සිටින්න ඕන.නියමිත දුර තබා ගෙන වැඩ කටයුතු කරන්න ඕන. අපි ඒ වගකීම හරියට ඉටු කලොත් මේ ව්‍යවසනය පරාජය කිරිමට අපට බැරි නැහැ. අනුරාධපුර අටමස්ථානයට පැමිණෙන ජනතාව දෙන ආහාර තමයි එම ස්ථානවල සිටින සතුන් ආහායට ගන්නේ. දැන් ඒ සතුන් බඩ ගින්නේ ඉන්නවා කියා තේරුම් අරගෙන අපේ මිරිසවැටියේ හාමුදුරුවන් ඒ සතුන්ට ආහාර පිලියෙල කර බෙදා දෙනවා අපි දැක්කා.

බොහෝ දෙනා යම් යම් ආධාර උපකාර එකිනෙකාට ලබා දෙන අයුරු අපි දැක්කා.රටට යම් කරරදරයක් වුනාම අපි එකාමෙන් එකට එකතු වී හැමෝටම කල හැකි අයුරින් යම් කැප කිරීමක් කරන්න ඕන. අපේ රටේ ගෙන ඇති පියවරවල් පිලිබදව ගෞරවයෙන් යුතුව මුළු ලෝකයම අද කථා කරනවා. අපි හැමදාම අන් අයට ගෞරව කළා. අන් අයට ඇහුම්කන් දුන්නා.අපි මේ රෝගය පැතිරයාම වළක්වා ගන්න පුළුවන් හැම දෙයකටම උදව් කරන්න ඕන.අපේ මහා සංඝ රත්නය මේ වන විට සෑම පන්සලකම තුන් බිය දුරු කරන රතන සූත්‍රය ඇතුළු පිරිත් දේශණ දේශනා කරමින් ජනතාවට ආශීර්වාද කරනවා.තෛයිනිකායික මහා සංඝ රත්නයේම මහා නාහිමි පාණන් වහන්සේලා ඇතුළු මුළු මහත්වු මහා සංඝ රත්නයම ඒ ආශීර්වාද කටයුතු වලට සහභාගී වනවා.

ජනාධිපතිතුමාට,අගමැතිතුමාට, ඇතුළු ඇමතිවරුන්ට,සෞඛ්‍ය ඇමතිතුමිය ඇතුළු මුළු සමස්ථ සෞඛ්‍ය අංශ කාර්ය මණ්ඩලවලට,යුධ හමුදා පතිතුමා ඇතුළු ආරක්ෂක අංශ වල සියළුම දෙනාට ,රාජ්‍ය සේවය වෙනුවෙන් කැපකිරීම් කරන ග්‍රාම නිළධාරීතුමන්ලා තුමියන්ලා ඇතුළු සියළුම අංශ වල නිළධාරී තුමන්ලාට තුමියන්ලාට සහ මාධ්‍ය ආයතන ප්‍රා දේශීය මට්ටමේ සිටින සියළු දෙනා ඇතුළු සියලු රට වැසි සියළු දෙනාට ශක්තියක් වීමට තමයි ‍මේ පිරිත් දේශනා සිදු කරන්නේ. මේ අපි මේ වේලාවේ පක්ෂ පාට ආගම් ජාති ගැන සිතන්න හොද නැහැ. සියළු දෙනාම නීරෝගී වෙත්වා. සුව පත් වෙත්වා.කොරෝනා වෛයිරසයට ජාති ආගම් පක්ෂ ධනවත් දුප්පත් කියලා කිසිම බේදයක් නැහැ .ඒ නිසා අපි පරිස්සම් විය යුතුමයි.

ශ්‍රී ලංකා රාමඤ්ඤමහා නිකායේ උතුරු මැද පළාත් ප්‍රධාන සංඝ නායක ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූර්වාරාමාධිපති පොතානේ ධම්මානන්ද නාහිමි පාණන්ගේ ඡායාරූපය

සටහන හා ඡායාරූප @ චිත්‍රාරත්න කළුආරච්චි හිදෝගම සමූහ

නව අදහස දක්වන්න