අසාදිතයන්-159යි, මරණ-4යි, සුව වූවන්-24යි ප්‍රතිකාර ලබන-125යි, සැක-250යි | දිනමිණ

අසාදිතයන්-159යි, මරණ-4යි, සුව වූවන්-24යි ප්‍රතිකාර ලබන-125යි, සැක-250යි

සන්ධ්‍යා කරුණාරත්න

කොරෝනා පරදන්න ගෙදරම ඉන්න

කොවිඩ් - 19 හෙවත් නව කොරෝනා වෛරසය වැළඳුණු පුද්ගලයන් 159ක් දක්වා ඊයේ (03) සවස් වන විට ඉහළ ගොස් ඇත.

දින 24 ක් තුළ දී මෙම සංඛ්‍යාව වාර්තා වී ඇති අතර පුද්ගල මරණ හතරක් සහ රෝගී වූ පුද්ගලයන් 24ක් සුව වී රෝහල්වලින් පිටව ගොස් ඇති බවත් එම අංශය ප්‍රකාශ කරයි. වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු කළ පුද්ගලයන් 125ක් මේ වන විට රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින බවත් වෛරසය ශරීරගත වී ඇති බවට සැක සහිත පුද්ගලයන් 250ක් රෝහල් ගත කර වෛද්‍යවරුන්ගේ සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් එම අංශය සඳහන් කරයි.

කිසියම් පුද්ගලයකුට සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස, උණ, ඇඟපත වේදනාව, හිසරදය යනාදී රෝග ලක්ෂණ පවතින්නේ නම් ළඟම පිහිටි රජයේ රෝහලකට ගොස් ප්‍රතිකාර ලබා ගැනීම සුදුසු වේ. මෙම වෛරසය පැතිර යාම පාලනය කර ගැනීමට නම් අනිවාර්යයෙන්ම නිවෙස්වලටම වී සිටිය යුතු බව සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ නිගමනය වී තිබේ.

නව අදහස දක්වන්න