ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් 100 වැනි ජන්ම දිනය හෙට | දිනමිණ

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් 100 වැනි ජන්ම දිනය හෙට

ජාත්‍යන්තර කීර්තියට පත් ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක හෙළයේ මහා සිනමාකරු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ 100 වැනි ජන්ම දිනය හෙට (05) දාට යෙදී ඇත.

ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා දේශීය සිනමාව ජාත්‍යන්තරයට ගෙන ගිය ප්‍රථම සිනමාකරුවා වේ. ඒ මහතා 1919 දී දෙහිවලදී උපත ලැබුවේ ය. 1947 දී එංගලන්තය බලා පිටත්ව ගිය ලෙස්ටර් මහතා එහි දී ඔහු ගේ ප්‍රථම සිනමා නිර්මාණය වන සොලිලොකි 'SOLILOQUY' කෙටි චිත්‍රපට නිර්මාණය කළේය.

නැවත 1952 දී ලංකාවට පැමිණෙන ලෙස්ටෙර් මහතා රජයේ චිත්‍රපට අංශයට එක්වෙමින් කෙටි චිත්‍රපට රැසක් නිර්මාණය කළේය. ඉන්පසු සිය ප්‍රථම වෘත්තාන්ත චිත්‍රපට වූ 'රේඛාව' අධ්‍යක්ෂණය කරමින් දේශීය සිනමාව නව මාවතකට රැගෙන ඒමේ පුරෝගාමියා වූයේය. සිය සිනමා දිවියේදී ඔහු නිර්මාණය කළ සිනමා කෘති ගණන 20කි. ඉන් ගම්පෙරලිය,ගොළු හදවත, නිධානය, අහසින් පොළොවට, පිංහාමි වැනි චිත්‍රපට අන්තර්ජාතික සම්මාන හිමිකර ගැනීමට සමත්විය.

1983 දී ඉන්ටර්නැෂනල් ෆිල්ම් ගයිඩ් සඟරාව විසින් ලෝකයේ හොඳම චිත්‍රපට අධ්‍යක්ෂවරු පස්දෙනා තේරූ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා හොඳම චිත්‍රපට අධ්‍යක්ෂවරයකු ලෙස තේරී පත්වන්නට භාග්‍ය ලැබුවේය. වෑකන්ද වලව්ව ලෙස්ටර් අධ්‍යක්ෂණය කළ අවසන් සිනමා නිර්මාණයයි. 2018 අප්‍රේල් 28 දින ඒ මහතා ජාතියෙන් සමුගත්තේය.

රත්නසිරි පතිරණ සහ අනුර ප්‍රේමලාල්

නව අදහස දක්වන්න