ලංකාවේ 05වන පුද්ගලයාත් ජීවිතක්‍ෂයට | දිනමිණ


 

ලංකාවේ 05වන පුද්ගලයාත් ජීවිතක්‍ෂයට

වැලිකන්ද රෝහලේ සිටි කොරෝනා ආසාදිත පුද්ගලයෙකු මිය ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සදහන් කරයි.

ඉතාලි‍‍යේ සිට පැමිණි සිටි 44 හැවිරිදි ‍පිරිමි පුද්ගලයෙක් මෙලෙස නිව්මෝනියා තත්ත්වයෙන් මියගොස් ඇති බව වාර්තාවේ.

ඒ අනුව ලංකාවේ මිය ගිය රෝගීන් සංඛ්‍යාව 5 දක්වා ඉහළ යනු ඇත.

මේ අතර ඊයේ රාත්‍රී වන විට ලංකාවේ කොරෝනා ආසාදිතයින් 159 ක් වාර්තා විය.

සුවය ලබා රෝහ‍ල්වලින් පිටව ගිය සංඛ්‍යාව 24ක් වෙයි.

නව අදහස දක්වන්න