අමෙරිකානු නෟකාවේ කපිතාන් සෙවයෙන් පහ කරයි | දිනමිණ


 

අමෙරිකානු නෟකාවේ කපිතාන් සෙවයෙන් පහ කරයි

අමෙරිකානු නාවුක හමුදාවට අයත් යූඑස්එස් තියඩෝර් රූස්වෙල්ට් ගුවන්යානා රැගෙන යන නෞකාවේ කොටු වී සිටින නාවුකයින් කොරෝනා වෛරසයෙන් ගලවා ගැනීමට එරට නාවුක හමුදාව ප්‍රමාණවත් තරම් ක්‍රියාමාර්ග ගෙන නොමැති බවට ලිපියක් ලියූ එහි අණදෙන නිලධාරියා සේවයෙන් පහකර තිබේ. කපිතාන් බ්‍රෙට් කොසියර් තම ඉහළ නිලධාරීන්ට ලිපියක් ලියමින් යුද්ධයක් නොමැති කාලයේ භටයින්ගේ ජීවිත හානි වීම වළක්වන ලෙස ඉල්ලීමක් සිදු කර ඇත.

එහෙත් අමෙරිකා නාවුක හමුදාවේ ලේකම් තෝමස් මොඩ්ලි පවසන්නේ කපිතාන්වරයා වැරැදි විනිශ්චයක නිරත වී ඇති බවයි. වාර්තා සඳහන් කරන්නේ 4,000කට අධික නාවුකයින් පිරිසක් සිටින එම නෞකාවේ 100කට ආසන්න පිරිසකට රෝගය ආසාදනය වී ඇති බවයි.තම ලිපිය මාධ්‍ය වෙත රහසිගතව පිට කිරීම සම්බන්ධයෙන් කපිතාන් බ්‍රෙට් සේවයෙන් පහ කළ බව ලේකම් මොඩ්ලි වැඩිදුරටත් පවසා තිබේ.

 

නව අදහස දක්වන්න