දෙවැනි ලෝක යුද සමයේ එංගලන්ත හමුදා වීඩියෝවක් පිටවෙයි | දිනමිණ


 

දෙවැනි ලෝක යුද සමයේ එංගලන්ත හමුදා වීඩියෝවක් පිටවෙයි

දෙවැනි ලෝක යුද සමයේ එංගලන්තයේ බුද්ධි ඒකකය ලෙස ක්‍රියා කළ MI6 සංවිධානයේ සහ බ්ලෙච්ලි පාර්ක් රහස් නිවස්නයේ සේවය කළ චරපුරුෂයින් ජීවතය ගෙන ගිය ආකාරය දැක්වෙන අතිශයින් දුර්ලභ පෞද්ගලික වීඩියෝ පටයක් ප්‍රසිද්ධියට පත් කර තිබේ. දෙවැනි ලෝක යුද සමයේ එම්අයි6 බුද්ධි සේවය මිත්‍ර පාක්ෂික හමුදාවල ජයග්‍රහණයට විශාල දායකත්වයක් සිදු කළ අතර බුද්ධි තොරතුරු පටිගත කිරීම සහ ගබඩා කිරීම සිදු කර ඇත්තේ බ්ලෙච්ලි පාර්ක් නම් අති දැවැන්ත රහස් උද්‍යානයේය.

මෙම ස්ථානයේ ඡායාරූප ගැනීම සහ වීඩියෝ ගත කිරීම තහනම් කර තිබූ නිසා ඒ ගැන කිසිදු තොරතුරක් මේ වනතුරුත් ප්‍රසිද්ධ වී තිබුණේ නැත. එහි සිටි නිලධාරියකු පෞද්ගලික මට්ටමෙන් එහි ජීවිතය ගෙවෙන හැටි රූගත කර ඇති අතර ක්‍රිකට් ගැසීම, අශ්වයින් පිට යාම, එදිනෙදා කටයුතු අතර විවේකීව සිටීම, රහස් තොරතුරු පටිගත කරන කාමර ආදිය මෙහි නිරූපණය වේ. නන්නාඳුනන අයකු විසින් බ්ලෙච්ලි පාර්ක් හෑව් ෆේත් නම් මේ වීඩියෝ පටය ලබා දී තිබේ.

 

 

නව අදහස දක්වන්න