අමෙරිකාවේ අසාදිතයින්ගේ සංඛ්‍යාව ලක්ෂ 03 ඉක්මවයි | දිනමිණ


 

අමෙරිකාවේ අසාදිතයින්ගේ සංඛ්‍යාව ලක්ෂ 03 ඉක්මවයි

ගත වු පැය 24ක කාලය තුළ කොරෝනා වෛරස අසාධිතයින් 33,053දෙනෙකු අමෙරිකාවෙන් හඳුනා ගෙන ඇත.
ඒ සමඟ අමෙරිකාවෙන් වාර්තාවන අසාදිතයින්ගේ සංඛ්‍යාව ලක්ෂ 03 ඉක්මවා ගොස් ඇත.

අමෙරිකාවෙන් මේ වන විට හඳුනාගෙන ඇති සමස්ථ කොවිඩ් නයින්ටීන් අසාධිතයන්ගේ සංඛ්‍යාව තුන් ලක්ෂ 10,214ක් බවයි විදෙස් වාර්තා වල සදහන් වෙයි.

වැඩිම බලපෑමක් නිව්යොර්ක් ප්‍රාන්තයට එල්ල වී ඇත.
මේ වනවිට නවයොර්ක් ප්‍රාන්තයෙන් අසාදිතයන් එක්ලක්ෂ 13,704ක පිරිසක් හඳුනාගෙන ඇත.

පවතින තත්වය පිලිබදව අදහස් දක්වන අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ මෙම සතිය හා ඉදිරි සතිය තුළ වෛරසය හේතුවෙන් මරණ විශාල සංඛ්‍යාවක් සිදුවිය හැකි බවයි.

නව අදහස දක්වන්න