ඇඳිරි නීතිය උල්ලංඝනය කළ 52ක් අත්අඩංගුවට | දිනමිණ


 

ඇඳිරි නීතිය උල්ලංඝනය කළ 52ක් අත්අඩංගුවට

ඇඳිරි නීති කාලය තුළදී මාර්ගවල ගමන් කරමින් නීතිය උල්ලංඝනය කළ පුද්ගලයන් පනස් දෙදෙනකු(52) අනුරාධපුර මූලස්ථාන පොලිසිය මඟින් පෙරේදා(04) අත්අඩංගුවට ගෙන ඇත.

මේ අනුව නිකරුනේ විවිධ හේතූන් මත අනුරාධපුර නගරාසන්න මාර්ගවල ගමන් කළ පුද්ගලයන් පනස් දෙදෙනකු ඔවුන් පැමිණි යතුරුපැදි හා වාහන සමඟ අනුරාධපුර මූලස්ථාන පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවටපත් පුද්ගලයන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පවසයි.

අමිල ප්‍රභාත් වනසිංහ අනුරාධපුර අතිරේක

නව අදහස දක්වන්න