දුමින්දගේ ටිකිරි කොරටුව | දිනමිණ


 

දුමින්දගේ ටිකිරි කොරටුව

මේ වන විට අනුරාධපුර දිස්ත්‍රික්කයේ කෘෂි කාන්තා පවුල් 35000 ක ගෙවතු වගාව ආරම්භ කර තිබෙනවා. ඉදිරි සතිය තුල අවශ්‍ය බීජ රජය විසින් ඒ කාන්තා පවුල් වලට ලබා දීමට පියවර ගෙන තිබෙනවා.යැයි හිටපු කෘෂි කර්මාන්ත අමාත්‍ය හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

සෞභාග්‍යා ගෙවතු දස ලක්ෂය ඉළක්කර ගෙන දුමින්ද දිසානායක මහතාද මේ වන විට තම ගෙවත්ත සකසමින් සිටින අවස්ථාවේදි ඊයේ (05) උදෑසන අපසමග වැඩි දුරටත් මෙසේද කීහ.

මම පසු කාලයක කෘෂි කර්ම අමාත්‍ය වරයා වශයෙන් සිටි අවස්ථාවේ අනුරාධපුර දිස්ත්‍රික්කය පුරාම කෘෂි කාන්තා සංවිධානයක් ආරම්භ කළා. සිතුම් කාන්තා කෘෂි සංවිධානයේ පවුල් 35000 ක් සිටිනවා. දැනට ඒ සියළුම දෙනා ගෙවතු තුළ බිම් සැකසීම ඇතුළු මූලික කටයුතු සිදු කර තිබෙනවා. ඉදිරි සතිය තුල රජය ඒ පවුල් 35000 ටම ඉතාම අඩු මුදලකට අවශ්‍ය බීජ ලබා දීමට කටයුතු කර තිබෙනවා.

අපි හැමෝම රටට ඉදිරියේදී ඇති විය හැකි ආහාර අර්බුදය පිළිබදව අවබෝධයක් තිබෙනවා. මම මේ දිනවල ගෙදරට වෙලා ඉන්න ගමන් පාත්ති සාදා අවශ්‍ය එළවළු පළතුරු අල වර්ග ටික ටික හිටවනවා. මම උදේම ගෙවත්තේ වැඩ කරනවා. අව් රශ්මිය වැඩි වන විට නතර කර නැවත සවස 3.30 පමණ වන විට ගෙවත්තේ වැඩ කරනවා. ඇත්තටම මානෂික සුවයක්.වටිනා දේ අපි හැම විටම සිදු කරන්න ඕන. ඇදිර නීතිය අවස්ථාවේ පවා තරුණ තරුණියන් මාර්ගයේ ගමන් කරනවා. එසේ නොකර ගෙදර ගෙවත්ත හදාගෙන තමන්ට අවශ්‍ය එළවළු ටික පළතුරු ටිකහදා ගන්න කියලා මම ලංකාවේ හැමෝටම ආරාධනා කරනවා. බලනන් අපි රට පුරාම ගෙවතු හැම ගෙදරකම හදා ගත්තාම කොතරම් රටට වටිනවාද.වස විෂනැතිව ආහාර ගෙන අපි නීරෝගී ව න්න ඕන.

මුළු ලංකාවට පමණක් නොවෙයි මුළු ලෝයටම බලපා ඇති මේ වෛයිරසය හමුවේ අපි ජය ගන්න නම් අපි ගෙදරටම වී ආරක්ෂක අංශ ,සෞඛ්‍ය අංශ වලට සහ රජයට කරන අපේ වගකීම ලෙස අපි ගෙදරට වී සිටින්න. ගෙදර ඉන්න ගමන් මේ ගෙවතු හදන සෞභාග්‍යා කෘෂි කර්ම වැඩ සටහන සාර්ථක කරගෙන ලෝකය හමුවේ ජයගනිමු. මුළු ලෝකයටම අපි ආදර්ශයක් දෙමු.

 

ඡායාරූප සහ සටහන
චිත්‍රාරත්න කළුආරච්චි
හිදෝගම සමූහ

නව අදහස දක්වන්න